තනි උන මම



දම් පාට වලාවන් හමා එන
මේ සුන්දර සැන්දෑවේ
ගං  ඉවුරක තනි උන මගේ හිත
ඔබ ගැන මතකයෙන් වෙලි යයි..

මේ ගං ඉවුරේ ඉස්සර දවසක
ඔබ අත් අල්ලන් මා ගිය හැටි
ගං ඉවුරක තනි උන මගෙ හිත
ඉකිගසමින් මතකයට නංවයි..

හැමදාම මල් පිපුන මේ අරලියා ගස
එදා අපි දෙදෙනා හමුවෙන හැම මොහොතකම
සුන්දර අරලියා මලක් තෑගි දුන් හැටි
අදටත් මතකයි ඔබ වෙන්ව ගියත් මට..



මේක මේ 2002 අප්‍රේල් 30 ලියපු කවියක්.. වර්ණයට පරණ කවි පොතේ කවි යන්නේ නැති නිසා හිතුනා මේකට දාන්න..


අයියා ගැන පාපොච්චාරණයක්


කොහොමද කට්ටිය?සැපෙන් සනීපෙන් ඉන්නවා නේද?අපේ අයියා මාවතේ මගේ ගැන බොරු ප්‍රචාර පතුරලා බෝ පැලයක් වගේ ඉන්න මට නොසෑහෙන්න අපහාස කරලා  පොස්ටුවක් දාලා තිබ්බා ඔයාලා කියවන්න ඇති.නොකියවපු අය මෙතනින් කියවලාම බලන්නකෝ.මේ කරපු අපහාසයට ඉතාලියේ ඉහල උසාවියේ මේ වෙනකොටත් නඩුවක් පැවැත්වෙනවා.

මෙහ් වැඩේ හරියන්නේ නැහැ කියලා හිතපු මට හිතුනා අපේ අයියා ගැන පාපොච්චාරණයක් කරන්න.අයියයි මායි මුලින්ම ෆිට් වුනේ දහම් පාසලේදි.ඒ වෙනකොට මම 9 වසරේ අයියා 11 වසරේ.අයියා ඒ වෙනකොටත් හරි අන්ඩ පාල.හැමදාම විවේක කාලෙන් පස්සේ දහම් පාසලෙන් කට්ටි පනිනවා.තනියම නෙමෙයි අහින්සක මාවත් එක්ක ගෙන.ගිහිල්ලා ඉස්කෝලේ පිට්ටනියට ගිහින් සෙල්ලම් කරනවා දෙන්නා එක්ක.සරමත් එක්ක සෙල්ලම් කරන්න අමාරු නිසා උදේට ඇන්දගෙන යන සරම  ගලවලා බෑග් එකට දාගන්නවා(යටින් කොට කලිසමක් ඇන්දන් ඉන්නේ හොදේ).දෙන්නත් එක්ක ඉතින් හොදට සෙල්ලම් කරලා දහම් පාසල් ඉවර වෙන වෙලාවට ගෙදර යනවා.ඔන්න ඔහොමයි අයියා මගේ දහම් පාසල් අධ‍යාපනේ කඩාකප්පල් කලේ හෙහ් හෙහ්.

ඕ ලෙවල් ඉවර වුනත් එක්ක අපේ අයියාට මගුල් විසේ ගැහුවා. ගමේ එහා කෙලවරේ ඉන්න ලස්සණ ගෑණු ලමයෙකුට අයියා ගේ හිත මේ වෙනකොට ගිහිල්ලයි තිබ්බේ.දවස් ගානක්ම පස්සෙන් ගිහින් තිබ්බා.කොහොම හරි එක දවසක් යද්දි එයාගේ තාත්තා ඇවිත්.මෙන්න හවස් වරුවේ මට කියනවා මල්ලි ඒ වැඩේ නම් හරි යන්නේ නැහැ කියලා.මම ඇහුවා ඒ මොකෝ කියලා.අපෝ එයාගේ තාත්තා පොලිසියේ කිව්වා.හෙහ් හෙහ්.අයියා පස්සෙන් යද්දි ඒ ගෑණු ලමයගේ තාත්තා පොලිස් බයික් එකෙන් ඇවිත් එයාව දාගෙන ගිහින්.පස්සෙන් ගිහින් අහුවුනොත් පොලිසියේ ඉන්න වෙයි කියලා අයියා බය වෙලා.ඔහොම හරි ඒ වැඩෙත් එතනින් ඉවරයි.

අපේ අයියාව හැමෝම දන්නේ අමධයප කියලනේ...ඒකත් අමූලික බොරුවක්.එක දවසක් අපි මලින්ද කියලා යාලුවෙක්ගේ ගෙදරක පොඩ්ඩක් සෙට් වුනා.අයියා එයාලගේ ගෙදර තිබ්බ බාගෙකුයි අර සාම්පල් බොතල් 4 කුයි ගෙනැල්ල හොරෙන් බොන්න ඕන කියලා.අපි කිව්වා එපා අයියේ බොන්න එපා කියලා කොහෙද ඉතින් ඇහුවේ නැහැනේ.වතුර තිබහට බොනවා වගේ බීගෙන බීගෙන ගියා.අන්තිමට අපේ කරපිටින් තමයි අයියට යන්න වුනේ.

අයියා ඒ ලෙවල් කරලා ඉවර වෙනකොට වගේ මෙයාට ගෑණු ලමයෙක් සෙට් වෙලා තිබ්බා.අපරාදේ කියන්න බැහැ ඒ වැඩ නම් උපතින්ම පිහිටලා තියෙනවා.ඒ ගෑනු ලමයා ඉන්ටර්නැශනල් ස්කූල් එකකට යන කෙනෙක්.හරිම ලස්සණයි.මාර ගති.ලස්සණ දේවල් ඉතින් අගේ කරන්න එපයි.කොහොම හරි ඒ ලමයා අයියලගේ ගෙදර එහෙම යන්න එන්න ගත්තා.අයියලගේ ගෙවල් පැත්තේ අපි කොල්ලො සෙට් එක එකතු වෙලා සෙල්ලම් කරනවා.ඔන්න අපි එක දවසක් සෙල්ලම් කරනවා..අයියා නැහැ..පස්සේ ටික වෙලාවකට පස්සේ අයියා ඈත එනවා බකල් ගහ ගහ.මම ඇහුවා මොකෝ අයියේ කියලා.ඒ පාර කියනවා මල්ලි අර කෙල්ල හෙන යක්ශනියක් කියලා.බැලින්නම් අයියාට විහිලුවට බිම පෙරලගන ගහලා.අතත් ඉදිමිලා.ඇග පුරාම සීරිච්ච පාරවල්.කොහොමින් කොහොම හරි ඒ පලහිලවිවත් නැවතුනා ටික කාලෙකින්.

මේ සිද්ධි වුනේ අක්කාගේ වෙඩින් එක දවසේ. කියලා තිබ්බානේ මම අර රූපලාවන්‍ය ආයතනයේ ගෑනු ලමයෙක්ගේ මොකක්ද පලහිලවුවක් ගැන.ඇත්තටම වුනේ මේක.අපේ අයියට ඒ ගෑණු ලමයා ගෑන හිතක් පහල වෙලා.මට කොල කෑල්ලක අයියා එයාගේ නොම්මරේ ලියලා දුන්නා. අනේ බුදු මල්ලියේ මේක ගිහින් අර කෙල්ලට දීපන්කෝ ශේප් එකේ කාටවත් නෝන්ඩි නොවී කියලා.අයියාගේ කීමට පිටින් යන්න බැරි නිසා මම දන්න වැඩ කෑලි දාලා ඒ ලමයට කොහොම හරි නොම්මරේ දුන්නා. මෙහ් ලගදි අයියා කෝල් කලාමත් ඇහුවේ මල්ලි අරයා හොදින් ඉන්නවා ඇති නේද කියලා?

 ඔය අතරෙම මෙයාට දෙවෙනි මනමාලිටත් හිත ගිහින් කොහොම හරි ඒත් ඒ අදහස වැඩිය ක්‍රියාත්මක කලේ නැහැ.මොකෝ හදිස්සියේ වත් කෙල වුනොත්.හ්ම් අන්තිමට කාලා ඉවර වෙලා පොඩ්ඩක් අනුමත් වෙන්න ඕන කිව්වම ඒකටත් මම තමයි හොරෙන් බෝතලයක් ගෙනැල්ලා දුන්නේ හෝටලේ පිටිපස්සට. ඔහොම බෙල්ල ගහලා යන උදව් කරපු මලයට තමයි අර අපහාසේ කරලා තිබ්බේ හෙහ් හෙහ්.

ඔහොමෙන් කොහොම හරි ලංකාවෙදි හලපු පැණි ඉතාලි ගිහිල්ලත් හලන බවටයි ආරංචි. අර පොස්ට් ඔෆිස් එකේ ලමයට මෙයාව දැන් මල වදයක් වෙලාලු.ඇයි වදේ හැමදාම බිල් උස්සන් එනවලු බොරුවට.මේ පාර ලංකාවට ඇවිත් ආයි ඉතාලි ගිය දවසේ මිලාන් වල ඉන්දන් එන අතරෙත් ඇමරිකානු ජාතික ගෑණු ලමයෙක්ට ලංකාවේ පුරුද්දට කොලේක ලියලා නොම්මරේ දෙන්න ගිහින්.හම්බානක නොකා 99 න් බේරුලා තියෙන්නේ.

සතෙක්ටවත් ඉන්න දෙන්නේ නැති හැටි...සත්ව හිංසනය පිටු දකිමු..!



අල්ලපු ගෙදර නිලියගේ පැපරාසි ජායාරූප ගැනීමට ගිය අවස්තාවක්




තව කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා.ඒවා පස්සේ කියන්නම්කෝ.කොහොම වුනත් දැන් මගේ එක කුසන් උපන් සහෝදරයෙක් වගේ දිනේශ් අයියා.දිනේශ් අයියලගෙයි අපේ ගෙවලුයි ඉස්සර එක ලග තිබ්බේ.ඒත් දැනට අවුරුදු 2 කට කලින් අපි චුට්ටක් දුරට ගෙවල් මාරු කරන් ගියා. මහ දුරක් නෙමෙයි කිලෝ මීටර් 7 ක් 8 ක් විතර.මෙහ් අවුරුදු 2 කට ඒ පැත්තේ හිටපු අනිත් යාලුවොන්ට මාව අමතක වෙලා.ඒ මෙච්චර ඈත ඉන්න දිනේශ් අයියා මාව අමතක කලේ නැහැ.අද මම හොද ජොබ් එකක් කරගන යම්කිසි තැනක ඉන්නවා..මම ඒ තැනට එන්න එක හේතුවක් තමයි අයියා.

ඒ හේතුව කියන්න මම ලැජ්ජ වෙන්නේ නැහැ.මට පලවෙනි ජොබ් එක හම්බවුනාට පස්සේ මට පලවෙනි දවසේ අදින්න ඇදුමක් සපත්තු දෙකක් තිබ්බේ නැහැ.අයියාට මම කිව්වා මෙහෙම පොඩි සල්ලි ප්‍රශ්නයක් කියලා.කිව්ව ගමන් අයියා එයාලගේ ගෙදරට කතා කරලා මගේ ඒ ප්‍රශ්නේ විසදලා දුන්නා.ජොබ් එකේ පලවෙනි දවසේ අලුත් ඇදුමක් ඇදන් අලුත් සපත්තු දෙකක් දාලා ලස්සණට ගියේ අයියා නිසා.ඒ කරපු උදව්ව මම මැරෙන කන් අමතක වෙන එකක් නැහැ.එක කුස උපදුන සහෝදරයෙක් හිටියා නම් සමහර විට ඒ උදව්ව නොකරන්න තිබ්බා.අන්න ඒ වගේ හොද හිතක් අයියට තියෙන්නේ.

අයියාගේ තව මඩ අහගන්න් ඕන නම් කියන්නකෝ..මඩ ගොඩා.........යි...!

කාලයේ ඔරලෝසුව


නොපෙනෙන තරමට
එකඳු කටුවක්
බිඳී.. සීරී.. අවර්ණව ඇත
එදා සිට 
අද වනතුරු
ජීවිතයේ යම් යම් දෙයට
සාක්ෂියක් ලෙස
ඉතිරිවූ
කාලයේ ඔරලෝසුව..
අප මෙතෙක් නොහැකි යැයි සිතූ
යම් දෑ..
සාක්ෂ්‍යාත්ය දෑස් පිට..
ඉතින් 
මින් මතුවටත්..


මලයාගේ කතාව

අපේ මලයා උපන්නේ 1990 වසරේ ඔක්තෝබර් මස 13 වනදාය.. දකුණු ලකේ අග නගරේය.. පුබුදුවා නමින් නම් තැබුන ඔහු ()වාසනාවට මගේ එක කුස උපන් සහෝදරයෙක් නොවීය.. ඒත් දැන් මට බොහෝසෙයින්ම හිතවත් පුද්ගලයාය.. මේ කියන්නට යන්නේ ඔහුගේ කතාවය..

ඉපදෙන විටත් සාමාන්‍ය බරට වඩා බොහෝ සෙයින් වැඩි බරකින් යුක්ත උන ඔහු වැඩුනේ ඉතා වේගයෙනි.. ඔහුගේ මව පවසන්නේ මොහුට කන්නට දී නිමා කරන්නට නොහැකි බවය.. එය කිසිසෙයින්ම අසත්‍ය ප්‍රකාශයක් නොවන බව මා හොදාකාරයෙන්ම දන්නේය.. ඒනිසාම දවස් වල මොහු හා කෑමකට මම එළියට නොයන්නේය..

මුල් කාලයේ කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් බදු වූ ඔහු සරීරයට ඔහේ වැඩෙන්නට ඉඩදී කෑම ගැන පමණක් සිතුවේය.. එහි ප්‍රතිඵලය දිනෙන් දින භායනක වන්නට විය.. අපි ක්‍රිකට් ගසන හැම වෙලාවට පාකිස්ථානයේ හිටපු නායක ඉන්සමාමුල් හක් මෙන් මොහු නිතරම දැවි යන්නේ දුවන්නට ගොසින්ය.. අපිද එය හොදින්ම දන්නා නිසා බෝලය ඕනාකමින් අතහැර ඔහුට දුවන්නට මග පාදා ඔහුව අවුට් කර ගන්නේය..

දිනක් අපි ඔහුව දුවද්දි දැවි යාමකට හසු කර ගන්නට සැරෙද්දි  කුරුල්ලෙකු මෙන් ඉගිලි තම සීමාවට එන්න හැදූ ඔහු ඇද වැටුනේ ලී පටවාගෙන යන ලොරියක බැමි ලිහි ඇද වෙටෙන මහා ගහක කදක් ලෙසය.. පොලව දෙදරනු අපේ දෙපා වලට දැනුන අතරම තාරපාරේ ඉරිතලා ගිය කොටස තාමත් එලෙසම පවතිනු මා මෙවර ලංකාවට ගිය වෙලේ දැක්කේය.. එදා ඔහු දෙපයින් සිටුවන්නට මා ඉදිරිපත් උනේ සහෝදර කම නිසාය.. ඒත් මා එයට අපොහොසත් ව්ය.. අවසානයේ තුන් දෙනෙකුගේ වෑයෙමෙන්  ඔහු කෙලින් කරන විට අපි හොදටම මහන්සි වෙලාය.. එදා සිට අතිරේක ආහාර වේල් අමතක කරනවා කී ඔහු එය අකුරටම පිළිපැද්දාය.. දිනකට 7-8 පාරක් මොනවා හෝ ගිල දැමු ඔහු එය 4ක් දක්වා අඩු කලේ හිතට වහල් නොවීය..

O/L කරන කාලයේ මලයාට ඉගැන්නීමේ අතිශය අමාරු කාර් මට පැවරුනේ මට මගහැරීමට නොහැකි වූ නිසාය.. ගෑණු ළමයින්ගේ කතා ඇරෙන්නට පොතක දෙයක් සාකච්චා කිරිමට මනසක් ඔහු තුල නොවීය.. මහත් පරිශ්‍රමයකින් පසුව මා ඉගැන්නූ විශයට “A” සාමාර්ථයක් ලබා ගත්තේ මගේද නම්බුව ආරක්ශා කරමින්ය.. විද්‍යා අංශයෙන් A/L කරන කාල සමයේ කල කී දෑ ගැන මට ලියන්නට බැරිය..

කෑම අඩු කිරිමේ ප්‍රතිඵලයක් ලෙස කිලෝ 50 සිමෙන්ති කොට්ටය වාගේ දෙකක් වන විට ඊට සරිලනම අයුරින් ඉදිරියට නෙලා උදරය දුටු විට පෙනුනේ මටත් වඩා වැඩිමල් කෙනෙකු විලසය.. උදරයේ වර්ධනයට හේතු වූයේ බියර් පානය බව කවුරුත් දන්නා රහසක්ය.. උසට මහතට හිටි නිසා පෙනුන මැර පෙනුම නිසාම අපි මොන ප්‍රශ්ණේකදි උවද ඔහුව ඉදිරියට දාන්නට පසු බට උනේ නැත..

කුළුදුල් ආදර කතා කීපයකටම හිමි කම් කී ඔහුට අවසානයේ අවංක ආදරය හමු වීය.. ගැන සහෝදරයෙකු ලෙස මා සතුටට පත් වන්නේය.. ඔය අතරේ සිදු වූ කොටු පැනීම්ද එමටය.. ඉන් එකක් ගැන මා දිනක් මගේ බ්ලොගයේද පවසා ඇත.. එදා මා දුන් අවවාද ඔහුට තේරුනේ මා ලංකාවෙන් ආවටද පසුවය.. නමුත් මෑතකදීද මගෙන් ඇසුවේ රූපලාවන් ආයතනයේ දුරකතන අංකය නැද්ද කියාය..

මලයාගේ බේබදු කතා ගැන මා අමුතුවෙන් කියන්නට උවමනා නැත.. ගැන ඔහුම මෙහි ලියා ඇත්තේය..  මගේ අළුත්ම එකතුව ලංකාවට නොයවා ඉන්නේද මේ කාරණාව උඩය..

ඉගෙනීම හමාර කර මකුළු දැල් වියන්නෙකු ලෙස (වෙබ් ඩිසයිනර්) ඔහු රැකියාව තෝරා ගැනීම මටද වාසයියක් විය.. මාගේ බ්ලොගයේ සියළුම දෑ කරදෙන්නේ මලයා විසින්ය.. නිසා ගැහූ මඩ වැහෙන්නට පොඩි හොද කීපයක්ද කිව යුතුමය..

මම නැති කාලේ මගේ පරිඝණයකයේ අළුත් වැඩියා හැම එකක්ම කලේ මලයාය.. එය පාවිච්චි කල නොහැකි තත්වයට වැටුනේ ඔහුගේ අළුත් වැඩියා නිසා නොවේය.. අපේ ගෙදර තියාගෙන හදන්නට අපහසුයි කියා ඔහුගේ නිවසට ගෙනගිය පරිඝනකයේ පසු කලෙක ගැරඬීයෙක් වාසය කලා යැයි ඔහුගේ මව කියු ප්‍රකාශය මම මුලින් පිළි නොගත්තේය.. පිළිවෙලට තබා ගෙන ඇති කාමරය දුටු පසු එයා මුසාවක් බව මට හොදින්ම පැහැදිළි විය..

තව කියන්නට බොහෝ දේවල් ඇතත් සහෝදරයාගේ ආත්මය ආරක්ශා කල යුතුය.. නිසා ඒවා නොකියා ඉන්නට සිතා ගතිමි.. කලින් කාරණා කෙසේ උවත් හිතවත්කම මනුස්සකම අතින් අපේ මලයා ඉදිරියෙන් සිටින්නේය..  නිසා අදට මේ ඇතිය.. අවශ්‍ය උනොත් පසුව තව පවසන්නේය..

 
මාවතේ අපි © 2012