Showing posts with label සංගීතය. Show all posts
Showing posts with label සංගීතය. Show all posts

ඔෆීසියෙදි ඇහෙන සින්දු

කොහොමද කට්ටිය...ඔක්කොමලා හොදින් නේද?අද මලයා කියන්න යන්නේ ඔෆීසියේදි ඇහුන සින්දුවක වග තුග.ඔෆිස් එකේ වැඩ කරන ගමන් අපි ඉතින් සින්දු අහනවා.හැමදාමත් එකම සින්දු අහන නිසා කස්ටිය ගෙවල් වලින් සින්දු ගෙනැල්ලා ඒවා මාරු කරගන්නවා.ඔහොම දවසක ඔෆිස් එකේ මගේ ෆිට් එක බාර්නි ගෙනැල්ලා දුන්න සින්දු ටිකක් අහ අහ හිටියා.රොක් කියලා ෆෝල්ඩර් එකකුත් තිබ්බා.කොහොමත් ඉතින් ටිකක් රොක් සින්දු අහන එකේ බැලුවා ෆෝල්ඩර් එකේ ඇතුල.බලලා තිබ්බ සින්දු ටිකක් අහද්දි stand my ground කියලා සිංදුවක් තිබ්බා.ඒක අහන්න ගත්තා. අම්මා මාර ලස්සන කට හඩක් තියෙන ගායිකාවක් කියන මාර ගති රොක් සින්දුවක්.



ඇත්තටම ඒ කට හඩට මම ආස කරපු නිසා ගූගල් එකේ දැම්ම පොඩි සර්ච් එකක්.යු ටියුබ් එකේ තව ලස්සණ සින්දු ටිකක් හොයාගන්න පුලුවන් වුනා.මෙයාලා නෙදර්ලන්ත Heavy Metal Rock බෑන්ඩ් එකක්.නම Within Temptation.1996 දි තමයි බෑන්ඩ් එක පටන් අරන් තියෙන්නේ.මෙයාලගේ පලවෙනි ඇල්බම් එක තමයි "Enter" කියන්නේ.ඊට පස්සේ පිලිවෙලින්

Mother Earth
The Silent Force
The Heart of everything
The unforgiven

කියන ඇල්බම් නිකුත් වුනා.ලංකාවේ අපි කොයි තරම් දැකලා ඇද්ද බොරුවට ස්ටේජ් එකක් උඩට නැගලා සීඩී එකක් දාලා බොරුවට කට හොලවන අය.අමු බොරුවනේ කරන්නේ.ඒත් මෙයාලා එහෙම නැහැ.මෙහ් පහලින් තියන වීඩියෝ එක චුට්ටක් බලන්නකෝ එටකොට ඔයාලට තේරෙයි මේ කටහඩ කොච්චර ලස්සනද කියලා?


ලස්සනයි නේද?නියම හැකියාවක්.මෙහ් ගැහැනු කෙනා තමයි කන්ඩායමේ ප්‍රධාන ගායිකාව.එයාගේ නම Sharon den Adel.උපතින්ම නෙදර්ලන්ත ජාතිකයෙක්.අවුරුදු 13 ඉන්දන් මෙයා එක එක බැන්ඩ්ස් වල සින්දු කියලා තියෙනවා.

මෙහ් කණ්ඩායමේ තවත් ලස්සණම නිර්මානයක් තමයි Black Symphony කියන සජීවී ප්‍රසංගය.මෙහ් ප්‍රසංගයට මෙයාලා The Metropole Orchestra කියන කණ්ඩායමත් එකතු කරගන තියෙන්වා.Metropole Orchestra කියන්නේ ලෝකෙ ඉන්න ලොකුම වෘත්තීය වාදය වෘන්දය.එයාලත් නෙදර්ලන්තයේම බිහි වෙච්ච අපූර්ව කණඩායමක්.සංගීත විශාරදයන් 52 ක් ගෙන් ඒ කන්ඩායම සමන්විතයි.මෙහ් සජීවී ප්‍රසංගය ඩීවිඩී පට ලක්ශයකට වැඩි ප්‍රමාණයක් නෙදර්ලන්තය තුල පමණක් විකිනිලා තියෙනවා,ebay,amazon වලත් මේ ඩීවීඩි එක $ 20 කට වගේ ගෙන්න ගන්න පුලුවන්





කොහොමද මේ සින්දු හිතට වැදුනද?මේක ගැන මාවතේ සටහනක් ලියන්න හිතුනේ මේ සින්දු මගේ හිතට වැදුන නිසයි.ඔයාලත් ආස නම් මට කියන්න මගේ ගාව මෙහ් කට්ටියගේ ඔක්කොම ඇල්බම් 3 කුයි උඩ කිව්ව කොන්සර්ට් එකයි තියෙනවා.ඔයලට ඩව්න්ලෝඩ් කරගන්න දන්න පුලුවන්.එහෙනම් මලයා අදට යනවා.සුභ දවසක් ඔයාලා ඔක්කොටම...!

 
මාවතේ අපි © 2012