කාලයේ ඔරලෝසුව


නොපෙනෙන තරමට
එකඳු කටුවක්
බිඳී.. සීරී.. අවර්ණව ඇත
එදා සිට 
අද වනතුරු
ජීවිතයේ යම් යම් දෙයට
සාක්ෂියක් ලෙස
ඉතිරිවූ
කාලයේ ඔරලෝසුව..
අප මෙතෙක් නොහැකි යැයි සිතූ
යම් දෑ..
සාක්ෂ්‍යාත්ය දෑස් පිට..
ඉතින් 
මින් මතුවටත්..


6 comments:

  1. බලා සිටියොත් නුඹ දෙස
    ඇදෙනවා දුර මොහොතින් මොහොත
    ලං උනොත් මා නුඹ වෙතට
    යා හැකියි දුර නුඹත් එක්කම..

    ඉපදුන දා ඉදන් මගේ තනියට
    හිටියා සෙවනැල්ලත් ලග නැති මොහොතට
    නුඹ අතැර ගිය දිනට මම
    රැදෙන්නේ නෑ මෙලොව මතුවට..

    ලද දේ බොහොමයි මේ ටික කාලෙට
    ගෙවුන මතක සොදුරුයි නුඹ ගෙන ආව
    හෙට දින මට කුමක් ගෙන ඒවිද
    දන්නේ නෑ මම හෙට දින ගෙවෙන තුරුම..

    කාලය නුඹ අපි හැම එක මොහොතක
    එක් කරගෙන දුවන මේ ලෝකයට
    නුඹට හති වැටුන දිනයක
    කුමක් වේවිද, බැහැ සිතන්නට මට..

    ReplyDelete
    Replies
    1. කාලය නුඹ අපි හැම එක මොහොතක
      එක් කරගෙන දුවන මේ ලෝකයට
      නුඹට හති වැටුන දිනයක
      කුමක් වේවිද, බැහැ සිතන්නට මට..

      ලස්සන කවි සිතුවිල්ලක් කාලය ගැන..
      ස්තූතියි මේ ලස්සන කවි සිතිවිල්ලට දිනේෂ් අයියේ.. :)

      Delete
  2. ම්ම්ම්ම් ලස්සනයි...!!!

    ReplyDelete
  3. මගේ මීටරේ අවුල්නේ...4 පාරක් කියවලා තේරුම් කර ගත්තා...නියමයි අක්කේ

    ReplyDelete
    Replies
    1. :D හිහිහී.. කාලය ගැනනෙ...
      ස්තූතියි මල්ලියෝ..

      Delete

 
මාවතේ අපි © 2012