කොහොමද කට්ටිය?සැපෙන් සනීපෙන් ඉන්නවා නේද?අපේ අයියා මාවතේ මගේ ගැන බොරු ප්‍රචාර පතුරලා බෝ පැලයක් වගේ ඉන්න මට නොසෑහෙන්න අපහාස කරලා පොස්ටුවක් දාලා තිබ්බා ඔයාලා කියවන්න ඇති.නොකියවපු අය මෙතනින් කියවලාම බලන්නකෝ.මේ කරපු අපහාසයට ඉතාලියේ ඉහල උසාවියේ මේ වෙනකොටත් නඩුවක් පැවැත්වෙනවා.
මෙහ් වැඩේ හරියන්නේ නැහැ කියලා හිතපු මට හිතුනා අපේ අයියා ගැන පාපොච්චාරණයක් කරන්න.අයියයි මායි මුලින්ම ෆිට් වුනේ දහම් පාසලේදි.ඒ වෙනකොට මම 9 වසරේ අයියා 11 වසරේ.අයියා ඒ වෙනකොටත් හරි අන්ඩ පාල.හැමදාම විවේක කාලෙන් පස්සේ දහම් පාසලෙන් කට්ටි පනිනවා.තනියම නෙමෙයි අහින්සක මාවත් එක්ක ගෙන.ගිහිල්ලා ඉස්කෝලේ පිට්ටනියට ගිහින් සෙල්ලම් කරනවා දෙන්නා එක්ක.සරමත් එක්ක සෙල්ලම් කරන්න අමාරු නිසා උදේට ඇන්දගෙන යන සරම ගලවලා බෑග් එකට දාගන්නවා(යටින් කොට කලිසමක් ඇන්දන් ඉන්නේ හොදේ).දෙන්නත් එක්ක ඉතින් හොදට සෙල්ලම් කරලා දහම් පාසල් ඉවර වෙන වෙලාවට ගෙදර යනවා.ඔන්න ඔහොමයි අයියා මගේ දහම් පාසල් අධයාපනේ කඩාකප්පල් කලේ හෙහ් හෙහ්.
ඕ ලෙවල් ඉවර වුනත් එක්ක අපේ අයියාට මගුල් විසේ ගැහුවා. ගමේ එහා කෙලවරේ ඉන්න ලස්සණ ගෑණු ලමයෙකුට අයියා ගේ හිත මේ වෙනකොට ගිහිල්ලයි තිබ්බේ.දවස් ගානක්ම පස්සෙන් ගිහින් තිබ්බා.කොහොම හරි එක දවසක් යද්දි එයාගේ තාත්තා ඇවිත්.මෙන්න හවස් වරුවේ මට කියනවා මල්ලි ඒ වැඩේ නම් හරි යන්නේ නැහැ කියලා.මම ඇහුවා ඒ මොකෝ කියලා.අපෝ එයාගේ තාත්තා පොලිසියේ කිව්වා.හෙහ් හෙහ්.අයියා පස්සෙන් යද්දි ඒ ගෑණු ලමයගේ තාත්තා පොලිස් බයික් එකෙන් ඇවිත් එයාව දාගෙන ගිහින්.පස්සෙන් ගිහින් අහුවුනොත් පොලිසියේ ඉන්න වෙයි කියලා අයියා බය වෙලා.ඔහොම හරි ඒ වැඩෙත් එතනින් ඉවරයි.
අපේ අයියාව හැමෝම දන්නේ අමධයප කියලනේ...ඒකත් අමූලික බොරුවක්.එක දවසක් අපි මලින්ද කියලා යාලුවෙක්ගේ ගෙදරක පොඩ්ඩක් සෙට් වුනා.අයියා එයාලගේ ගෙදර තිබ්බ බාගෙකුයි අර සාම්පල් බොතල් 4 කුයි ගෙනැල්ල හොරෙන් බොන්න ඕන කියලා.අපි කිව්වා එපා අයියේ බොන්න එපා කියලා කොහෙද ඉතින් ඇහුවේ නැහැනේ.වතුර තිබහට බොනවා වගේ බීගෙන බීගෙන ගියා.අන්තිමට අපේ කරපිටින් තමයි අයියට යන්න වුනේ.
අයියා ඒ ලෙවල් කරලා ඉවර වෙනකොට වගේ මෙයාට ගෑණු ලමයෙක් සෙට් වෙලා තිබ්බා.අපරාදේ කියන්න බැහැ ඒ වැඩ නම් උපතින්ම පිහිටලා තියෙනවා.ඒ ගෑනු ලමයා ඉන්ටර්නැශනල් ස්කූල් එකකට යන කෙනෙක්.හරිම ලස්සණයි.මාර ගති.ලස්සණ දේවල් ඉතින් අගේ කරන්න එපයි.කොහොම හරි ඒ ලමයා අයියලගේ ගෙදර එහෙම යන්න එන්න ගත්තා.අයියලගේ ගෙවල් පැත්තේ අපි කොල්ලො සෙට් එක එකතු වෙලා සෙල්ලම් කරනවා.ඔන්න අපි එක දවසක් සෙල්ලම් කරනවා..අයියා නැහැ..පස්සේ ටික වෙලාවකට පස්සේ අයියා ඈත එනවා බකල් ගහ ගහ.මම ඇහුවා මොකෝ අයියේ කියලා.ඒ පාර කියනවා මල්ලි අර කෙල්ල හෙන යක්ශනියක් කියලා.බැලින්නම් අයියාට විහිලුවට බිම පෙරලගන ගහලා.අතත් ඉදිමිලා.ඇග පුරාම සීරිච්ච පාරවල්.කොහොමින් කොහොම හරි ඒ පලහිලවිවත් නැවතුනා ටික කාලෙකින්.
මේ සිද්ධි වුනේ අක්කාගේ වෙඩින් එක දවසේ. කියලා තිබ්බානේ මම අර රූපලාවන්‍ය ආයතනයේ ගෑනු ලමයෙක්ගේ මොකක්ද පලහිලවුවක් ගැන.ඇත්තටම වුනේ මේක.අපේ අයියට ඒ ගෑණු ලමයා ගෑන හිතක් පහල වෙලා.මට කොල කෑල්ලක අයියා එයාගේ නොම්මරේ ලියලා දුන්නා. අනේ බුදු මල්ලියේ මේක ගිහින් අර කෙල්ලට දීපන්කෝ ශේප් එකේ කාටවත් නෝන්ඩි නොවී කියලා.අයියාගේ කීමට පිටින් යන්න බැරි නිසා මම දන්න වැඩ කෑලි දාලා ඒ ලමයට කොහොම හරි නොම්මරේ දුන්නා. මෙහ් ලගදි අයියා කෝල් කලාමත් ඇහුවේ මල්ලි අරයා හොදින් ඉන්නවා ඇති නේද කියලා?
ඔය අතරෙම මෙයාට දෙවෙනි මනමාලිටත් හිත ගිහින් කොහොම හරි ඒත් ඒ අදහස වැඩිය ක්‍රියාත්මක කලේ නැහැ.මොකෝ හදිස්සියේ වත් කෙල වුනොත්.හ්ම් අන්තිමට කාලා ඉවර වෙලා පොඩ්ඩක් අනුමත් වෙන්න ඕන කිව්වම ඒකටත් මම තමයි හොරෙන් බෝතලයක් ගෙනැල්ලා දුන්නේ හෝටලේ පිටිපස්සට. ඔහොම බෙල්ල ගහලා යන උදව් කරපු මලයට තමයි අර අපහාසේ කරලා තිබ්බේ හෙහ් හෙහ්.
ඔහොමෙන් කොහොම හරි ලංකාවෙදි හලපු පැණි ඉතාලි ගිහිල්ලත් හලන බවටයි ආරංචි. අර පොස්ට් ඔෆිස් එකේ ලමයට මෙයාව දැන් මල වදයක් වෙලාලු.ඇයි වදේ හැමදාම බිල් උස්සන් එනවලු බොරුවට.මේ පාර ලංකාවට ඇවිත් ආයි ඉතාලි ගිය දවසේ මිලාන් වල ඉන්දන් එන අතරෙත් ඇමරිකානු ජාතික ගෑණු ලමයෙක්ට ලංකාවේ පුරුද්දට කොලේක ලියලා නොම්මරේ දෙන්න ගිහින්.හම්බානක නොකා 99 න් බේරුලා තියෙන්නේ.
සතෙක්ටවත් ඉන්න දෙන්නේ නැති හැටි...සත්ව හිංසනය පිටු දකිමු..!
අල්ලපු ගෙදර නිලියගේ පැපරාසි ජායාරූප ගැනීමට ගිය අවස්තාවක්
තව කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා.ඒවා පස්සේ කියන්නම්කෝ.කොහොම වුනත් දැන් මගේ එක කුසන් උපන් සහෝදරයෙක් වගේ දිනේශ් අයියා.දිනේශ් අයියලගෙයි අපේ ගෙවලුයි ඉස්සර එක ලග තිබ්බේ.ඒත් දැනට අවුරුදු 2 කට කලින් අපි චුට්ටක් දුරට ගෙවල් මාරු කරන් ගියා. මහ දුරක් නෙමෙයි කිලෝ මීටර් 7 ක් 8 ක් විතර.මෙහ් අවුරුදු 2 කට ඒ පැත්තේ හිටපු අනිත් යාලුවොන්ට මාව අමතක වෙලා.ඒ මෙච්චර ඈත ඉන්න දිනේශ් අයියා මාව අමතක කලේ නැහැ.අද මම හොද ජොබ් එකක් කරගන යම්කිසි තැනක ඉන්නවා..මම ඒ තැනට එන්න එක හේතුවක් තමයි අයියා.
ඒ හේතුව කියන්න මම ලැජ්ජ වෙන්නේ නැහැ.මට පලවෙනි ජොබ් එක හම්බවුනාට පස්සේ මට පලවෙනි දවසේ අදින්න ඇදුමක් සපත්තු දෙකක් තිබ්බේ නැහැ.අයියාට මම කිව්වා මෙහෙම පොඩි සල්ලි ප්‍රශ්නයක් කියලා.කිව්ව ගමන් අයියා එයාලගේ ගෙදරට කතා කරලා මගේ ඒ ප්‍රශ්නේ විසදලා දුන්නා.ජොබ් එකේ පලවෙනි දවසේ අලුත් ඇදුමක් ඇදන් අලුත් සපත්තු දෙකක් දාලා ලස්සණට ගියේ අයියා නිසා.ඒ කරපු උදව්ව මම මැරෙන කන් අමතක වෙන එකක් නැහැ.එක කුස උපදුන සහෝදරයෙක් හිටියා නම් සමහර විට ඒ උදව්ව නොකරන්න තිබ්බා.අන්න ඒ වගේ හොද හිතක් අයියට තියෙන්නේ.
අයියාගේ තව මඩ අහගන්න් ඕන නම් කියන්නකෝ..මඩ ගොඩා.........යි...!
අයියෝ මේක නම් හරියන්නෙ නෑ දෙන්නට දෙන්න මඩ ගහගන්නවා... දැන් ඉතින් වලක් කපාගෙන වලලෙන්න තමා වෙන්නෙ අයියට..... තවත් මඩ තියෙනවලුනෙ...
ReplyDeleteශානි අර මම වල කපාගන්න වෙලාවෙ අයියට එහා පැත්තෙන් මම වලක් කපලම තිබ්බ හෙහ් හෙහ්
Deleteමෙවන් අයියා මලෝ යුගලයක් බ්ලොග් අවකාශය තුල එකිනෙකාට මඩ ගසා ගැනීම නැරඹීම තරම් වෙන ප්‍රීතියක් කොයින්ද?
ReplyDeleteකීමට ඇත්තේ අයියාද මල්ලීද මඩ ගැසීම සම්බන්ධයෙන් නම් ඉදිරියෙන්ම සිටින බවයි..
මඩ ගැසීම සම්බන්ධ පොඩි පසේ පාඪමාලාවක් කොලා දෙන්නා එක්ක...තව දේවල් දන්නම් ඉස්සරහට
Deleteමේ ඩබල දිගටම මඩ ගහගනීද.....
ReplyDeleteඅදයි මේ පැත්තෙ ආවෙ.
ඔව් ඔව් රාජ් මේක දැන් යුද්දයක් වගේ..අරහෙන් මෙහෙට ගහනවා මෙහෙන් අරහෙට ගහනවා
Deleteමඩට උපන් සහෝදරවරු.
ReplyDeleteඅනිවාර්රර්.....
Deleteහෆ්ෆටතිලි!!!! දිනේශ් අයියාට ඉදලා තියෙන ගෑණූ ළ්මයි තොගය..හිකිස්ස්...:D ඒ අතින් නම් අයියා දස්සයා වගේ මල්ලිට වඩා..;) :D
ReplyDeleteදෙන්නාට දෙන්නා මඩ ගහගන්න අපිට ජොලි!!
ඔව් ඔව් ඔතන මම ගොඩක් දෙනෙක් ගැන කියලා නැහැ :P අපි ඉතින් ඕවට නැහැ නොවැ..අනගාරික ජීවිතනේ ගත කොරන්නේ
Deleteමුන් දෙන්නවා අල්ලලා දාන්න ඔින ඌරු කොටුවකට... හික්ස්
ReplyDeleteඅපි අලේ ඔයාට අපිව ඌරෝ වගේද පේන්නේ :P
Deleteහරි බලමුකෝ එහෙනම්.. හොද හොද දේවල් එළිවෙන ජාමෙට කිවුවලු..
ReplyDeleteහූ හූ බලමු බලමු අපි බයවෙයි
Deleteයකෝ මේ දිනේෂ් මේ වගේ කෙකේද? චීක් මූ බීලා අනුන්ගේ කරපිටින්ද ඇවිත් තියෙන්නේ..
ReplyDeleteනැතුව අමු බේබද්දා..බොරුවට හැමෝටම කියනවා බොන්නේ නැහැ කියලා
Deleteමං මේ අපේ දිනේෂ් අයියාව නම් දන්නේ බ්ලොග් ලියන්න පටන් ගත්තට පස්සේ. මං හිතන්නේ මලයව නම් කලින් හිටන් දන්නවා. :P
ReplyDeleteඅපේ අප්පේ මල කෙලියයි...දැන්නේ මට කල්පනා වට ආවේ..චෙක් කලින් වගක් දන්නව නම් එදා කතා කරනවා.
Deleteඅලෙ ඔය එලි වෙන්නේ ..
ReplyDeleteඅහ්හ් මරු මරු තව මඩ ලියන්න. අපි ආස මේ වගේ මද කියවන්න තමයි. හේ හේ' කමෝන්.
අයියා සද්දයක් දැම්මොත් මට කියන්නකෝ. මම ඉතාලියටම චන්ඩි යවන්නම් :)
කේස් එක කියන්නේ මට දැන් මරණ තර්ජන එල්ල වෙලා..එයාගේ තව රහස් එල්ල කලොත් මාව එල්ලනවා කිව්වා.
Deleteමා පස්වනක් ප්‍රීතියෙන් පෙළෙමි....( මේ මං මොකද්ද ඒ කිවුවෙ? )
ReplyDeleteඒකනේ බන් දොදොල් කඩේ මොකක්ද බන් ඒ කිව්වේ
Deleteහිහිහී.. ෂැහ්! මේ වගේ වෙලාවට තමයි සබන් කඩයක්වත් දාගන්න හිතෙන්නෙ.. :D මල්ලිටයි අයියටයි බැරිද ආධාරයක් කොරන්න.. :D
ReplyDeleteආධාරයක් කොරන්නම්..හැබෑට මොකටද සබන්..ට්යුබ් ලයිට්ද මන්දා තේරුනේ නැහැනේ
Deleteසබන් කඩයක් දාන්නේ මඩ හොද ගන්න සබන් විකුණන්නනේ.. කොහේද උඹට ඇග තිබ්බට මොලේ නෑනේ...
Deleteහරි තවත් මඩක්.. :D :D :D
Deleteහනේ...මේ පාපොච්චාරණයක්ද නැත්නම් හෙළිදරව්වක්ද? හි හි :)
ReplyDeleteඇත්තටම හෙලිදරව්වක් නේද? හෙහ් හෙහ්
Deleteඅදමයි මේ පැත්තේ ආවේ..මේක ලියන්නේ දිනේෂ්ද.. ආයෙ එන්නම්කෝ..මල්ලියි අයියයි හොද යාලුවෝ වගේ නේද...
ReplyDeleteහලෝ අක්කේ සාදරෙන් පිලිගන්නවා මාවතට..අයියයි මායි නන්දු අක්කයි ශාවින්දි නංගි නේ මේක ලියන්නේ..ආයි එන්න එහෙනම් හොදේ
Deleteහප්පේ අද නෙ දැක්කේ අයියගේ මල්ලිගේ මඩ ගහගැනිල්ල හි හී මරු අයියයි මල්ලි
ReplyDeleteමම හිතුවේ දිනේෂ් අයියා කළ එකම පැණි වැඩේ අල්ලපු ගෙදර නිළියගෙ කේස් එක කියලා...දැන් බලින්නං! හැබැයි එයා කියන විදිහට ඔයත් ඉතින් නිකන් ඉඳලා නැනේ...
ReplyDelete