අපි හැමෝම මිනිස්සු! ඒ කතාව ගැන කුහුලක් උපදවාගන්ට අවශ්‍යතාවයක් නැහැ. අපි හැමෝම ජීවත් වෙන්නෙ එකම මහපොළෝ තලයකයි. පැල්පතේ ජීවත් වුණත් මන්දිරේ ජීවත් වුණත් මිනිසා කියන ජීවියා තුල අබ මල් රේණුවක තරමක්වත් ව් වෙනසක් වෙන්නෙ නැහැ. පරිණාමවාදයේ ඉතිහාසය සළකා බැලූ විට, මිනිසා ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා තියෙනවා. ඒ හැරෙන කොට ආගම, ජාතිය, සමේ පැහැය, මූලධර්මවාදය, සමාජ තත්වය, ආර්ථික පසුබිම යනාදී මුල්කොටගෙන මිනිසා උසස් ය පහත් ය කියා කීම නීචකමක් කියා මං දකිනවා. අපි හැමෝගේම ආරම්භය තියෙන්නෙ එක තැනකයි. අපි මේ ලෝකෙට ඉපදෙන්නෙත් එක විදිහට. මැරෙන්නෙත් එක විදිහට. ඉතින් අපි හැමෝම එකයි. ඒ කියන්නෙ අපි හැමෝම මිනිස්සු විතරයි, වෙන කවුරුත් නෙවෙයි නේ? :ඩී
හොඳ වටරවුමක් ගහලා මේ විදිහට ආවේ මාතෘකාව ගැන කතාකරන්නයි.
ඇත්තටම මං අද මාවතට කියන්න යන දෙයත් අපි හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා.
හ්ම්? ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි. සමාජය දෙස හොඳින් බැලුවාම එය අපට හොඳින් හෙළිවෙන කරුණක්. ඇයි මිනිස්සු විවිධ වෙන්න හේතුව? නිකමට හිතලා බලන්න. හැම මනුස්සයෙක් තුළම එකම ආකල්ප, සත්පුරුෂ ගතිගුණ, එකම හැසිරීම් රටාවක්, එකම හිතන විදිහක් තියේනම් කොතරම් අපුරුද? එතකොට පොලිසිය, හමුදාව,උසාවි වැනි දේවල් අපට කිසිසේත්ම අවශ්‍ය නැහැ. සාමයෙන් සතුටින් සතර බියෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්. ඒ වුනාට, එවැනි සමාජයක් එකාකාරි ස්වරුපයක් ගන්න බව අපට හැඟෙනවා නේද? අපි හැමෝම කැමතියි වෙනසකට. එකයි මෙතරම් සමාජය විෂම. වෙනස? එතකොට වෙනසක් නැතුවද ඉන්න හොඳ? හතර බීරී කතාවක් නේද? ඒ වුණත් අපි බලමු මේ "වෙනස" කොහොමද වෙනස් වෙන්නෙ කියලා.
ළිඳේ ඉන්න මැඩියෝ වගේ ඉන්න අපි කවුරුත් කැමති නැහැ. නිස්කාන්සුවෙ පාඩුවෙ ඉන්න කෙනෙකුට කෙනෙක් ඇවිල්ලා මෙහෙම පෝර දානවා.
"මචං, ඔහොම ඉන්න එපා බං. සොසයිටිය උඹව ගණන් ගන්න එකක් නැහැ. බලපන් අනිත් එවුන්. උන් උඞේ දියුණුව හදාගෙන ඉන්නෙ. උඹ වගේ නෙවෙයි!"
ඊට පස්සේ ඉතින්, අර තමන්ගේ යහපතක් කරගන්න හිටිය මනුස්සයාටත් "පොඩි" වැඩක් අහූඋණා. දැන් ඉතින් එයත් නවතම රැල්ලට ආවා.
"කොහොමහරි අනිත් එකාව පහු කරගෙන යන්න ඕනේ!"හොඳින් හෝ නරකින් ඔහුගෙ හෝ ඇයගෙ සිතේ තියෙන පරමාර්ථය ඉටු කරගන්න ඕනී. නැත්තම් "ඉවරයි! මළ කෙළියයි" තමයි. දැන් මේ "වෙනස" තියෙන ළදරු අවස්ථාවයි. කෙමෙන් කෙමෙන් ඊර්‍ෂ්‍යාකාරකම්, ද්‍රෝහිකම්, ද්වේශය, මෝහය යනාදී කළු පැල්ලම මතු වෙන්න පටන් ගනියි! වැඩක් කරන මිනිසුන්ට ජිවිත හානි පවා ඇතිකරයි. ලූලා වලට කණයා පණ්ඩිතයා වෙයි. පන්ඳම් අල්ල අල්ල "ඉහළ" තනතුරු උදුරාගනියි. ඇස්වහ කටවහ වැඩිවෙයි. හොඳින් දියුනුවෙන එකාට අකුල් හෙළයි. මුදල්වලින් කාමර ගණන් පුරවගන්න වෑයම් කරයි. ආදරය කරන්නෙත් සල්ලි වලට. "සල්ලි දෙයියන්ගේ මල්ලි" යන පටු ආකල්පයෙන්ම ක්‍රියාකරයි. පිනක් දහමක් නැතිව අධාර්මිකව දිවි ගෙවයි. තමන්ගේ මුල අමතක වෙලා ලොකු ලොක්කෝ පස්සේ දුවනවා. අශ්වහිස් සිංහහිස් දාගත්ත කොටළුවෝ වගේ අයත් ඉන්නවා. අසරණයෙක් ට උදවුවක් පදවුවක් කරන්නත් කවුරුත් නැහැ. ආශාවන් අසීමීත වෙලා! ජිවිතය අමතක වෙලා! :(
දැක්කාද? මෙන්න මේ "වෙනස"? අපි හැමෝම ජීවත්වෙන්නෙ මෙන්න මේ වගේ සමාජ සංස්කෘතියක. හැබැයි, මෙවැනි "වෙනසකට" සැබෑ වෙනසක් කරන්න පුළුවන් නම් කොතරම් හොඳද? සමාජය අද මෙවැනි සිදුවීම් වලින් මත් වෙලා ඉන්නෙ. අපි හැමෝටම මෙවැනි ගැටළුවලට මුහුණ දෙන්න සිදුවීම ස්වභාවිකයි.
හිතෙන්නෙ නැද්ද මේක මානව ශිෂ්ටචාරයේ පරිහාණියක් කියලා? ඇයි ඉතින් අපි තවදුරටත් උඩ බලන් ඉන්නේ? තව පැත්තකින් මට හිතෙනවා ඇයි අපි කවුරුවත් හදන්න යන්නේ කියලා. මේක ආත්මාර්ථයක් නෙවෙයි කියල තේරුම් ගන්න, යාළුවනේ.
මෙවැනි සමාජ පසුබිමක් ගත්ත අපේ ජිවිතය හරියට අරුමෝසම් වැස්සක් වගෙයි. මැදහත් ව හිතුවොත් අපගේ මේ ජිවිතය "ජිවිතයක්" කරගන්න පුළුවන්. අද ඉදන් දිරිය ගනිමු අපේ ජිවිත පුබුදුවන්න මේ මාවතෙනුත් ඔබ්බට!
මහපොළවේ පය ගසාගෙන ඇවිදිමු අපි නිරතුරුවම. :)
අපේ මෙහ් පොඩ්ඩිට මෙච්චර ලොකු දේවල් කොහොම හිතෙනවද මන්දා....කොහොම හරි කාලෙට ඔබින ලියවිල්ලක් පොඩ්ඩි
ReplyDeleteජීවිත ගමනේ ඉස්සරහට යද්දි ගොඩක් දෙනෙක්ට හමුවෙන අයව මතක නෑ නංගියෝ.. ජීවිත තරඟයදි අනිත් කෙනත් එක්ක නෙමෙයි.. එයාව තනිකරලා ජය ගන්නයි මිනිස්සු උත්සහ ගන්නෙ.. මමත්වයත් එක්ක බැඳුණු හිත් අද බහුතරයක් දකින්න තියෙන්නෙ..
ReplyDeleteඔයාගෙ මේ යාථාර්ථ දැක්වීම ගැන ඇත්තටම සතුටුයි පොඩ්ඩියේ..
සුබ පැතුම්..!!! :)
කම්පියුටර් එක කැඩිලා තියෙද්දිත් මාමලාගේ ගෙදර ගොස් පොස්ට් එක ලියා පල කිරීම ගැන පොඩ්ඩිට මාවතේ අපේ ප්‍රාණාමය
ReplyDelete