අපේ
මලයා උපන්නේ 1990 වසරේ ඔක්තෝබර් මස 13 වනදාය.. ඒ දකුණු ලකේ අග නගරේය.. පුබුදුවා නමින් නම් තැබුන ඔහු (අ)වාසනාවට මගේ එක කුස උපන් සහෝදරයෙක් නොවීය.. ඒත් දැන් මට බොහෝසෙයින්ම හිතවත් පුද්ගලයාය.. මේ කියන්නට යන්නේ ඔහුගේ කතාවය..
ඉපදෙන
විටත්
සාමාන්‍ය බරට වඩා බොහෝ සෙයින් වැඩි බරකින් යුක්ත උන ඔහු වැඩුනේ ඉතා වේගයෙනි.. ඔහුගේ මව පවසන්නේ මොහුට කන්නට දී නිමා කරන්නට නොහැකි බවය.. එය කිසිසෙයින්ම අසත්‍ය ප්‍රකාශයක් නොවන බව මා හොදාකාරයෙන්ම දන්නේය.. ඒනිසාම ඒ දවස් වල මොහු හා කෑමකට මම එළියට නොයන්නේය..
මුල්
කාලයේ
කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් බදු වූ ඔහු සරීරයට ඔහේ වැඩෙන්නට ඉඩදී කෑම ගැන පමණක් සිතුවේය.. එහි ප්‍රතිඵලය දිනෙන් දින භායනක වන්නට විය.. අපි ක්‍රිකට් ගසන හැම වෙලාවට පාකිස්ථානයේ හිටපු නායක ඉන්සමාමුල් හක් මෙන් මොහු නිතරම දැවි යන්නේ දුවන්නට ගොසින්ය.. අපිද එය හොදින්ම දන්නා නිසා බෝලය ඕනාකමින් අතහැර ඔහුට දුවන්නට මග පාදා ඔහුව අවුට් කර ගන්නේය..
දිනක්
අපි ඔහුව දුවද්දි දැවි යාමකට හසු කර ගන්නට සැරෙද්දි
කුරුල්ලෙකු මෙන්
ඉගිලි
තම සීමාවට එන්න හැදූ ඔහු ඇද වැටුනේ ලී පටවාගෙන යන ලොරියක බැමි ලිහි ඇද වෙටෙන මහා ගහක කදක් ලෙසය.. පොලව දෙදරනු අපේ දෙපා වලට දැනුන අතරම තාරපාරේ ඉරිතලා ගිය කොටස තාමත් එලෙසම පවතිනු මා මෙවර ලංකාවට ගිය වෙලේ දැක්කේය.. එදා ඔහු දෙපයින් සිටුවන්නට මා ඉදිරිපත් උනේ සහෝදර කම නිසාය.. ඒත් මා එයට අපොහොසත් ව්ය.. අවසානයේ තුන් දෙනෙකුගේ වෑයෙමෙන්
ඔහු
කෙලින්
කරන විට අපි හොදටම මහන්සි වෙලාය.. එදා සිට අතිරේක ආහාර වේල් අමතක කරනවා කී ඔහු එය අකුරටම පිළිපැද්දාය.. දිනකට 7-8 පාරක් මොනවා හෝ ගිල දැමු ඔහු එය 4ක් දක්වා අඩු කලේ හිතට වහල් නොවීය..
O/L කරන කාලයේ මලයාට ඉගැන්නීමේ අතිශය අමාරු කාර්ය මට පැවරුනේ මට මගහැරීමට නොහැකි වූ නිසාය.. ගෑණු ළමයින්ගේ කතා ඇරෙන්නට පොතක දෙයක් සාකච්චා කිරිමට මනසක් ඔහු තුල නොවීය.. මහත් පරිශ්‍රමයකින් පසුව මා ඉගැන්නූ විශයට “A” සාමාර්ථයක් ලබා ගත්තේ මගේද නම්බුව ආරක්ශා කරමින්ය.. විද්‍යා අංශයෙන් A/L කරන කාල සමයේ කල කී දෑ ගැන මට ලියන්නට බැරිය..
කෑම
අඩු කිරිමේ ප්‍රතිඵලයක් ලෙස කිලෝ 50 සිමෙන්ති කොට්ටය ඒ වාගේ දෙකක් වන විට ඊට සරිලනම අයුරින් ඉදිරියට නෙලා ආ උදරය දුටු විට පෙනුනේ මටත් වඩා වැඩිමල් කෙනෙකු විලසය.. උදරයේ වර්ධනයට හේතු වූයේ බියර් පානය බව කවුරුත් දන්නා රහසක්ය.. උසට මහතට හිටි නිසා පෙනුන මැර පෙනුම නිසාම අපි මොන ප්රශ්ණේකදි උවද ඔහුව ඉදිරියට දාන්නට පසු බට උනේ නැත..
කුළුදුල් ආදර
කතා කීපයකටම හිමි කම් කී ඔහුට අවසානයේ අවංක ආදරය හමු වීය.. ඒ ගැන සහෝදරයෙකු ලෙස මා සතුටට පත් වන්නේය.. ඔය අතරේ සිදු වූ කොටු පැනීම්ද එමටය.. ඉන් එකක් ගැන මා දිනක් මගේ බ්ලොගයේද පවසා ඇත.. එදා මා දුන් අවවාද ඔහුට තේරුනේ මා ලංකාවෙන් ආවටද පසුවය.. නමුත් මෑතකදීද මගෙන් ඇසුවේ ඒ රූපලාවන්‍ය ආයතනයේ දුරකතන අංකය නැද්ද කියාය..
මලයාගේ
බේබදු
කතා ගැන මා අමුතුවෙන් කියන්නට උවමනා නැත.. ඒ ගැන ඔහුම මෙහි ලියා ඇත්තේය..
මගේ
අළුත්ම
එකතුව
ලංකාවට
නොයවා
ඉන්නේද
මේ කාරණාව උඩය..
ඉගෙනීම
හමාර කර මකුළු දැල් වියන්නෙකු ලෙස (වෙබ් ඩිසයිනර්) ඔහු රැකියාව තෝරා ගැනීම මටද වාසයියක් විය.. මාගේ බ්ලොගයේ සියළුම දෑ කරදෙන්නේ මලයා විසින්ය.. ඒ නිසා ගැහූ මඩ වැහෙන්නට පොඩි හොද කීපයක්ද කිව යුතුමය..
මම
නැති කාලේ මගේ පරිඝණයකයේ අළුත් වැඩියා හැම එකක්ම කලේ මලයාය.. එය පාවිච්චි කල නොහැකි තත්වයට වැටුනේ ඔහුගේ අළුත් වැඩියා නිසා නොවේය.. අපේ ගෙදර තියාගෙන හදන්නට අපහසුයි කියා ඔහුගේ නිවසට ගෙනගිය පරිඝනකයේ පසු කලෙක ගැරඬීයෙක් වාසය කලා යැයි ඔහුගේ මව කියු ප්‍රකාශය මම මුලින් පිළි නොගත්තේය.. පිළිවෙලට තබා ගෙන ඇති කාමරය දුටු පසු එයා මුසාවක් බව මට හොදින්ම පැහැදිළි විය..
අහ් හා.. පුබුදු අයියට දැන් වහ කන්න තමා වෙන්නෙ :P
ReplyDeleteහි හි මලයා මට වඩා මාස 6 ක් විතර බාලයි... පුබුදුවෝ, දැන් ඉතිං වලක් කපාගෙන වැලලෙන්න තමා වෙන්නේ...
ReplyDelete@Hasitha Jayasooriya :අඩේ වහ ටිකක් ගෙනත් දීපන්කෝ මලේ
ReplyDelete@shani :අහ් ශානි ලමයත් 90 ද?ඔව් වලක් කපාගෙන යනවා මෙහ් දවස් වල.අපෝ අයියා චොර පින්තූරයක් නෙහ් දාලා තියෙන්නේ දාන්නකෝ මේකෙන් හොද ලස්සන ෆොටෝ එකක් තෝරලා
ReplyDeletehttp://www.facebook.com/media/set/?set=a.149031175131735.25988.100000745592524&type=3
හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... :D මරු පින්තූරෙ..
ReplyDelete@හිතුවක්කාරි : අයියෝ ඒක චොර අප්පා...
ReplyDeleteහිහිහී.. මට මතක් වුණේ මෙතනට තව පික්. එකක් අර කිඹුල් පැටියෙ... නෑ එක්කො ඒක ඕනි නෑ.. :D
ReplyDeleteමහා යුධ ප්‍රකාශයක ආරම්භයක් වගේද.. :P
අඩේ අක්කේ ඒක ඕනි නැහැනේ අපි ඉතින් යාලුවොනේ....ඔව් ඔව් යුද්දේ පටාන් ගත්තා
Deleteමලයාගෙ කෑම නම් මරු පින්තූරයක් එක්කම තියෙන්නේ...
ReplyDeleteඕක මෙහ් හිතලම ගත්ත එකක් අක්කේ...මට දැන් තේරෙනවා අයියා මට ඔය ඇක්ශන් එකෙන් ඉන්න කියලා පින්තූරේ ගත්තේ මඩ ගැසීමේ යටි අරමුනින්
Deleteමේවා බලන්න මල්ලී අද නැ.......
ReplyDeleteHmmm ow neda.malli ada hitiyanam
ReplyDeleteHmmm ow neda.malli ada hitiyanam
ReplyDeleteHmmm ow neda.malli ada hitiyanam
ReplyDelete