ගිය දා පටන්...

"දසුන්.. අපේ තාත්තා කැමති නැහැ දසුන් ඔයා අපේ ගෙදරවත් එනවට.."
අවුරුදු ගණනක ආදරයෙ ලස්සනම දවස ගැන කතා කරන හැම දවසකදිම දිලූට කියන්න තිබුණෙ ඒ වගේ දෙලොවක කතාවක්..


"ඔයාගෙ තාත්තා මට අකමැති වෙන්න හේතුව මොකද්ද දිලූ.." 
ඒ හැම වෙලාවෙමත්.. නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවෙත් දසුන්ගෙ හිතෙන් අහන එකම ප්‍රශ්නයට පිළිතුරු ඇයගෙ හිතේ තිබුණෙ නැහැ.. 


ආගම් දෙකකින් හමුවුණ දසුන් - දිලූ ආදර කතාව ආරම්භවෙන්නෙ දිලූගෙ අළුත් රැකියාවෙ පත්වීමත් එක්ක.. එකම පොළවක ජාතිභේද ආගම් භේදයක් නැතිව වැවෙන ගහක් කාලයක් යද්දි මුහුකුරා ගිය ආදර ගසේ දළු අග මල් පීදෙන්න හිරු එළියන් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා වගේම මේ ආදරකතාවටත් දෙපාර්ශවයෙම වැඩිහිටියන්ගෙ ආශීර්වාදය පැතුවා.. දෙපාර්ශවයෙම දෙමව්පියන් හෙව්ව හැමදෙයක්ම දසුන්ගෙ පවුලෙන් වගේම දිලූගෙ පවුලෙත් තිබුණා.. ඒත්.. එක ප්‍රශ්නයක්..! මුලදි මුලදි ගෙදර යන එන බෑනත් එක්ක කතා නොකර හිටිය දිලූගෙ පියා අන්තිමට ගෙදරට නොඑන්න තර්ජනය කරන්න වුණා.. හැමෝගෙම ආශිර්වාද තිබුණත් දිලූගෙ තාත්තාගෙන් නම් දසුන්ගෙ නමවත් ගෙදර සඳහන් කරනවට කැමැත්තක් තිබුණෙ නැහැ.. 
ටිකෙන් ටික මහන්සියෙන් ඉතිරිකරගත්ත දේ වලින් ඒ සිහින සැබෑ කරගන්න දවසට දින නියම වුණ ඒ යුවලගෙ ලස්සනම දිනය තාත්තට කියාගන්න බැරිව දිලූ හිටියෙ ලෝකයක් පෙරළුන ගානට.. මේ නිසාම දසුන්ගෙත් දිලූගෙත් විවාහ දිනය දින නියමයකින් තොරව කල් ගියා...


**************************************************


එදා උදේ පල්ලියක සීනුව හැඬවුණේ තවත් ආදර කතාවක හිරු කිරණ ලංකා පොළව සිපගනිද්දී.. පුංචි කුරුලු පැටව් ඒ මඟ දෙපැත්තෙ ඉදන් අත්වැල් තනු වලට ගීත ලියද්දී.. සීතල හුළඟින් මුළු පරිසරයම ඇහැරුණා.. පල්ලියෙ ගීතිකා කණ්ඩායමෙත් ගීතාකිවන් පැතිරෙන්න ගත්තා.. චාරිත්‍රයක් විදිහට පවුලෙ එකම දරුවගෙ ලස්සනම දවසෙ එක අතකින් ඒ දියණිය රැගෙන පියවර තැබුවත් දිලූගෙ තාත්තා හිටියෙ හිතේ සතුටකින් නම් නෙමෙයි.. ඒ දේ ගොඩක් අය දැනගෙන හිටියා.. කල් ගිය විවාහය ඉක්මන් කරන්න සිද්ධ වුණේ දසුන්ටත් ඇයටත් වෙනත් රටකට යන්න ඒ ආයතනයෙන්ම අවස්ථාවක් ලැබුණ නිසා..


වත් පිළිවෙත් වල වැඩ කටයුතු ඉවරවෙන්න ඔන්න මෙන්න කියලා තිබුණත් දිලූගෙ තාත්තා හිටියෙ හිනාවක් නැති ලෝකයක වගේ..  හිටිය ගමන් නැඟිටලා යන්න ගියේ හිතාගන්න බැරි විදිහට කාටවත්.. කිසිම විදිහට කවුරු කිව්වත් කියන දෙයක් අහන්නෙ නැති ඒ පළාතෙ නමක් දරාගෙන වගේම හොඳහිත දිනාගෙන හිටිය දිලූගෙ තාත්තාගෙ මේ හැසිරීම ගැන හැමෝම හිටියෙ ගොඩක් බයෙන්.. 

අවසාන ගීතිකාවෙන් පසු වාදනය වුණ ගීතයත් සමග ප්‍රධාන දොරටුවට පාවඩ මතින් තිබූ පිටත් වෙන්න හැරෙන කොටම දිලූගෙ තාත්තා ආවෙ කඳුළු පුරවගත්ත ඇස් දෙකක් එක්ක.. හදවතේ දරු සෙනෙහස ආදරයෙන් ඇස්වල උතුරන මූණෙන්.. ගොඩ දෙනෙක් බය වුණා.. 
ඊ ළඟ පියවර.. 
කම්මුල් පාරක්..! ආයුධයක්...!


නෑ.. නෑ..


තාත්තා ආදරයෙන් තමාගෙ ආදරණීය දුවගෙ අත ගත්ත පුතා, බෑනාව ළඟට අරගෙන... උරහිසේ කඳුළු හැලුවෙ හැමෝම ගල්ගැහිලා බලාගෙන ඉද්දි.. 


රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ 
ඔබයි දිවිය අර්ථවත් කලේ..
ගිය දා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්... 
සන්තෝෂයක් නෑ හිතේ..


මේ ගීතය පසුබිමෙන් වාදනය වෙද්දි... කාගෙත් හිත් සතුටු කඳුළක් ළග නතරවෙලා හිත් හිනාවෙන්න වුණා..
ආදරණීය පියෙකුගෙ ආදර දරු සෙනෙහසත් එක්ක එකට මුහුවුණ 
සතුටු කඳුළකින් ආශිර්වාද ලැබුණු ඒ  කුරුළු කතාවත් එතැන් පටන් සන්තෝෂයෙන් කූඩු වූ වගයි..! :D



ප.ලි.- ආයෙ කිසිම මංගල උත්සවයකට ඒ සිංදුව අන්තිමට කියන්න එපා කියලා.. දිලූගෙ අම්මම ඇවිත් කියලා ගියෙ කඳුළු පෙඟුණ ලේන්සුවෙන් ඇස් දෙකේ කඳුළු හංගන ගමන්..

ප.ලි.ලි.- කතාව සත්‍යයි...!
මේ දෙන්නා මේ කතාව දැක්කොත් හෙම නෙට් එකෙන්ම මාව හොයාගෙන ඇවිත් මෂ්කරන නිසා.. නම් මනංකල්පිතකලා..  :)


නුඹ

ඔබේ ඔය සිනහව
ඔබේ ඔය කතාව 
ඔබේ ඔය ඇස්
මට මා අමතක කරනුයේ
සිහින ලොවක් මා වෙත කැන්දමිනි..

ඔබේ ඔය වරලස 
ඔබේ ඔය මුහුණ
මා සිහින ලොවකට ගෙනවිත් 
මට මාවම අමතක කරවයි..

ඔබේ සිනහවේ දීප්තිය
ඔබේ දෙනෙතේ කාන්තිය 
මටම පමනක් හිමි උනේ
දෙවියන්ගේ කැමැත්ත නිසාද?





මේ කවිය මම ලියලා තියෙන්නේ 2003 ජනවාරි 6 වෙනිදා.. අවුරුදු 9ක් පරණයි.. ඒ කියන්නේ මම O/L ලියන කාලේ.. මේකට හේතු උන කරණානම් මට මතක නෑ.. අහම්බෙන් හමු උන නිසා මේකට දාන්න හිතුනා..

මලයාගේ පලවෙනි ආදර සිතුවිල්ල


හ්ම් අද නම් ඉතින් බේබදු කතාවක් නෙමෙයි ඔන්න.අද කියන්න යන්නේ ලගදි දවසක වුන සිදුවීමක් නිසා හිතුන දෙයක් සහ මතක් වුන අතීත සිද්දියක් ගැන.හරි යමුකෝ අතීතෙට.ඉස්කෝලෙ දිග කලිසම ඇන්ද විතරයි.දන්නවනේ ඔය දිග කලිසම ඇගට දාගත්ත ගමන් එනවනේ මාර හැගීම් තොගයක්..වලි හැගීම් ලොකු හැගීම් පන්ඩ්ත හැගීම්,ආදර හැගීම්..මොකෝ ඉතින් මාත් පිටසක්වල ජීවියෙක්යැ.මටත් ඔය හැගීම් ටික ඔහොමම ආවා.හෙහ් හෙහ්..වලි හැගීම් ලොකු හැගීම් පන්ඩ්ත හැගීම් ඔය ඔක්කොම ආවා ඉස්කෝලෙ ඇතුලෙදි.නමුත් ආදර හැගීම පිටට එන්න ගත්තේ මගේ ගණන් පංතියේදි.එයා හරිම අහින්සක ලමයෙක්.හරි සිරියාවන්ත පෙනුමක් තිබුනේ.බිම බලාගෙන ඇවිදින්නේ කිසි විසයක් නැහැ.කොන්ඩෙත් කරල් දෙකට ගොතලා පොත් බෑග් එකකුත් අරගෙන අම්ම එක්ක තමයි එයා පන්තියට එන්නේ.


හිමින් සැරේ විස්තර හොයද්දී දැනගත්තා එයාගේ නම රොශාන්ති කියලා. කොල්ල ඉතින් මෙයා ගැන ෆුල් ටච් එකේ හිටියේ.ක්ලාස් ඇරුනම එහෙම එයයි අම්මයි යන බස් එකටම තමයි ඉතින් කොල්ලත් නගින්නේ.කතා කරන්න ඕන කම තිබ්බත් ඒක කරගන්න බැරි වුනා බයයි නේ අම්මත් ඉන්න නිසා.කොහොමින් කොහොම හරි එක දවසක් බස් එකට නැගලා චුට්ටක් දුර යද්දී මට සීටි එකක් හම්බුනා.වාඩි වුනාම මතක් වුනේ ඊට චුට්ටක් එහායින් රොශාන්ති ගේ අම්මයි එයයි ඉන්නවා කියලා.ඇන්ටිට සීට් එක දෙන්න හිතිලා මම ඇන්ටිට කතාකලා.ඇන්ටිත් ඇවිත් වාඩි වුනා.මගේ බෑග් එකත් ගත්තා.අරන් මාත් එක්ක ඇන්ටි කතා කලා.මගේ විස්තර ඇහුවා.ඒ ඇන්ටිත් හරිම හොදයි.ඒත් වැඩේ කියන්නේ රොශාන්ති නෙමෙයි වචනයක් කතා කලේ.


මේ සිද්දියෙන් පස්සේ ක්ලාස් තියෙන හැම දවසෙම ඇන්ටි මාත් එක්ක කතා කරනවා..රොශාන්තිත් ලාවට ලාවට වගේ හිනා වෙනවා.දින සති මාස ගණන් ගෙවිලා යද්දී රොශාන්තිත් මාත් එක්ක කතා කරන්න ගත්තා.මම පිටින් දැකලා හිතපු දේවල් ඔක්කොම ඇත්ත.හරිම ශෝක් ගැනු ලමයෙක්.විකාර සෝබන වැඩ නැහැ.කොහොම හරි අපි දෙන්නා හොදම යාලුවො වුනා.මගේ ආදර අදහසත් හිතේ තියෙනවා..ඒත් කොහොමද අප්පේ මේක එලියට දාන්නේ.අන්තිමට තියෙන යාලු කමත් නැති වුනොත්.


කොහොමහරි 10 වසරෙන් 11 වසරටත් ආවා. රොශාන්ති හොද මීටරයක් නිසා මටත් ඉගෙන ගන්න වැඩ වලට හරි ලේසි වුනා.ඔය කාලේ අපිට ෆෝන් තිබ්බේ නැහැ.ඒ නිසා ඉතින් ක්ලාස් දවසට හම්බෙන එක විතරයි.අන්තිමට ඉතින් ක්ලාස් එකේ අන්තිම දවසත් ආවා.ඇන්ටි මට ලොකූ අවවාද ගොඩක් දීලා පුතා කවදා හරි රටට වැඩක් තියෙන කෙනෙක් වෙන්න කිව්වා.ඇස් වල කදුලුත් පුරවගෙන ඇන්ටිටත් වැදලා මම රොශාන්ති එක්ක ගොඩක් වෙලා කතා කලා.කවදා හරි කොතනකදි හරි හම්බවෙයි කියලා අපි වෙන්වෙලා ගෙවල් වලට ආවා.කොහොම හරි හොද මිතුදමක් තිබ්බා මිසක් ඒක ආදරයකට පෙරලගන්න මට බැරි වුනා.


කාලේ  ගෙවිලා ගියා ආයි එයාව ඇහටවත් දැක්කේ නැහැ.O/L එහෙම  පාස් වෙලා ඊට පස්සේ A/L කරන කාලේ තමයි මට නිලූ (ඔව් ඔව් මගේ අරයා තමයි හෙහ් හෙහ්) හම්බුනේ.මෙහ් ලගදි නිලුයි මායි ටවුමට ගියා පොඩ්ඩක් ශොපින්ග් කරන්න.දෙන්නත් එක්ක පාරේ ඇවිදන් යන කොට මට පාරේ ඇවිදන් යනකොට ඈත දැකලා පුරුදු මුනක් එනවා.ලගට එනකොට තමයි මම අදුන ගත්තේ ඒ රොශාන්ති.අම්මෝ අවුරුදු 4 කටත් වඩා පස්සේ.එයා වෙනස් වෙලා නම් නැහැ තම කලින් වගේ ලස්සණට ඉන්නවා.කොහොම හරි එයත් මාව අදුනගත්තා.කට පුරා ලස්සණ හිනාවකින් සංග්‍රහ කරලා එයා අපි ලගට ආවා.ලගට ආවට පස්සේ තමයි අමුතු කේස් එකක් වුනේ.මාත් එක්කත් හිනා වෙලා මෙන්න නිලූගේ අත් දෙකත් අල්ලන් දෙන්නා බර කතාවක්.වැඩේ තේරුනේ පස්සේ මට.නිලුයි රොශාන්තියි ඉස්කෝලේ යාලුවො.මරු වැඩේ ඒකත්.රොශාන්ති කැම්පස් එකට ගිහින් එන ගමන් කිව්වා..පස්සේ අපි එයාවත් එක්ක ගෙන දවල් කෑමට කඩේකට ගියා.කන ගමන් මම නිලූට ඔක්කොම විස්තරේ කිව්වා.අපි ඔක්කොටමත් හිනා.රොශාන්තිත් ඒ වෙලාවෙ තමයි දැන ගන්න ඇත්තේ මගේ හිතේ ඒ කාලේ එයාට කැමැත්තක් තිබ්බා කියාලා.ඉස්සර ඉන්දන්ම දැනගන හිටියද කියන්න දන්නේ නැහැ ඉතින්.කොහොම හරි එයාව දැකපු එක ගැන මට ගොඩක් සතුටු හිතුනා.


අපි ගොඩක් පහුගිය දේවල් කතා කලා.එයාට හරි සතුටුයි මම නිලු එක්ක යාලු වුන එකට.එයා නම් තවම තනිකඩලු. :) .


කොහොමින් කොහොම හරි දවල්ටත් හොදට බඩ පිරෙන්න කාලා අපි එයාට සමුදීලා එන්න ලෑස්ති වුනා..එනකොට මට එයාගේ ඇස් වල අමුත්තක් තේරුනා.ඒවා කදුලු වලින් ටිකක් තෙත් වලා දිලිසෙනවා.ඒ ඇස් වල කියාගන්න බැරුව තිබ්බ දෙයක් නලියනවා වගෙයි මට පෙනුනේ.




ෆෝන් නම්බර් එකයි මුහුනු පොතේ නමයි එයා දුන්නා.දැන් ඉතින් අපේ යාලු කම හැමදාම තියෙයි. ජීවිතෙත් හරි පුදුමාකාරයි නේද?

හෙට සුභ ගමනක් යමි! :ඩී


සුභ ගමනක්? කුමක්ද මේ සුභ ගමන​? හුඟාක් අය හිතාගෙන ඉන්නව ඇති හොර වැඩකට වෙන්නැති කියලා. එහෙම හිතන්නත් සාධාරණ අයිතියක් තියෙනව අපේ ඇත්තන්ට තියෙනවා අද රටෙ තොටෙ සිද්ද වෙන දේවල් දැක්කාම​. සවස් යාමයට තමා මේ හමුවීම යොදාගෙන ඇත්තේ. මට මේ ශනිදාව ජීවිතයේ වැදගත් ශනිදාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා.
ඇත්තටම මම හමුවෙන්න යන්නෙ මුහුණු පොතේ මිතුරෙක්ව​. ඔහු වෙන කවුරුත් නොව කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා හෙවත් අයි.ආර් උපාධිය හදාරන ඉශාන් ජලීල් සොහොයුරාය​. ඔහුමයි මාගේ මුහුණූපොතේ මිතුරෙක් වශයෙන් පැමිණියේ. ඔහු මා සමඟ මුහුණුපොතේ සමහරක් වේලාවන්හීදී චැට් මුහුණුවරින් කතා කරලත් තියෙනවා. මේ එම චැට් ඉතිහාසයෙන් උපුටාගත් කොටසකි.

මම​:- ඉශාන්, මොනවාද ඔයාගෙ අනාගත බලාපොරොත්තු? අහන්නත් ආසයි. :ඩී

ඉශාන්:- ඇත්තටම මම එක්සත් ජාතින්ගේ සංවිධානයේ අපේ රට නියෝජනය කරන්නා වූ තත්වයකට පැමිණීමට අදිටන් කරගෙන සිටින්නෙමි. මට ඒ.ජා සංවිධානයේ මූලස්ථානයට යෑමටත් අවස්ථාව ලැබුනා. එහි පිංතූර ටික ඇති ඇල්බම් එකේ. බලන්න​. :)

මම​-: ඇත්තටම සුපිරියි ඉශාන්! :) ඔබ මහාචාර්‍ය අබ්දුල් කලාම් මහතා වැනි මහත්මා වරුන් ද හමුවි ඇත​? එය කොතරම භාග්‍යයක් ද​? :)

ඉශාන්-: ඇත්තටම​, එය මට මහත් භාග්‍යයක්. එතුමාගෙන් මගේ ප්‍රශ්න විමසු විට​, ඔහු පිළිතුරු දුන් ආකාරය රත්තරන් වටී.

මම​-: අපිවත් එතරම් වාසනාවන්ත නැහැ. මම ඔබට සුභ පතනවා හදවතින්ම අපේ මව්බිමට මහඟු සේවාවක් කිරීමට හැකිවේවා කියලා.

ඉශාන්-: බොහෝම ස්තුතියි. මම මාගේ අයි.ආර් උපාධිය ගත්තාට පසුව මගේ මව්බිමට එළිය පාදා දීමට වෙර දරමි. :)

මෙලෙසින් අපි මුහුණුපොතින් ඉතා වටින වැදගත් තොරතුරු කතාබහ කළෙමු. මිතුදම් වැඩි දියුණු වූ නිසා ජංගම දුරකථන අංක ද හුවමාරු කරගත්තා.

ඉන් පසු දින දෙකකින් මට ඔහුගෙන් ඇමතුමක් ලැබුනා. එදින උදේ මා කරමින් සිටි පොඩි රසායන විද්‍යා පරීක්‍ෂණයත් පසෙක දමා ඉශාන් සමඟ සතුටු හිතින් කතාකළා. ඔහූ මට කතාවේ එක් තැනකදී මේසේ පැවසුවා,

"බ්‍රයිල් වලින් පොත් හොයාගන්න හරිම අමාරුයි."

"බ්‍රයිල්? හ්ම්?" මම එකපාරටම පුදුමයෙන් වගෙ කතාකළේ.

"ඔව්. ඔව්. අන්ධ මිනිස්සු ලියන්නෙ කියවන්නෙ බ්‍රයිල් වලින් නේ?"

ඇත්තටම මාව මොහොතකට නිශ්ශබ්ද වුනා. "ඇත්තද? ඔයා අන්ධ ද ඉශාන්?"

"ඔව්. මං ජාත්‍යන්ධයි."

"හ්ම්හ්ම්හ්ම්... එතකොට ඔයා එෆ්.බී එකෙ කතාකරන්නෙ?"

"හාහා! ඒක කරන්නෙ වොයිස් රෙකොග්නිෂන් (ශබ්ද හඳුනාගැනීම) තුළින්"

පුදුමය නම්, මම ඉශාන් අඳ කෙනෙක් කියල දැනගෙන හිටියෙ නැහැ. ඇත්තටම මට ඒ අවස්ථාව ජීවිතයෙ පෙර දිනක මට සිදුවෙලා නැහැ. ජාත්‍යන්තර සබඳතා ගැන උපාධියක් හදාරා මුළු රටටම දැයටම සේවය කිරීමට ඉශාන් වගේ විශිෂ්ට මිනිස්සු ගැන මගෙ හිතේ ඇතිවුනෙ ආඩම්බරයක්. ඔහු තුළ ආවේණික වූ හොඳකම​, අවංකකම ඇත​. මේ ලෝකයේ සිදුවෙන්නාවු විපර්‍යාස අපිට වඩා ඔවුන් ට හොඳට හැඟෙනවා. ඒක හරිම අපූරූ දෙයක්. ඉශාන් සමඟ කතාකරන විට එම ගුණය ඉතා මැනවින් ගම්‍යමාන වෙනවා.

ඉශාන් වැනි අය අපේ ලෝකයේ සිටින්නාවු දුලභ මිනිස්සූ ය​. එවැනි දුලභ මිනිසෙකු සමඟ පිළිසඳරක යෙදීමත් සුභ කරුණකි.

"ඔහූට මා පෙනෙන්නේ නැත​. මට ඔහුව පෙනේ. එහෙත් අපගේ පිළිසඳර භෞතික ලක්‍ෂණ වර්ණනයට වඩා වැදගත් ය​. ජීවිතය කට්ට සම්බලයක් බව මා පවසන්නෙ ඒ නිසා ය​."

§දරුණුතම ඛේදවාචකය§


අහසින් වැටුණ දිය බිදුවෙන් අමුණු තනා
පෙරකල රජුන් සිරි ලක දෙස දුකින් බලා
සිටවූ ගොයම් යායම අද ගොන්නු කකා
ගෙනෙයි රටින් රට දෑමය හොඳය කියා

තරඟකලට තම ඉල්ලීම් සිඟාන ආ
පඩිය උඩට'විත් කඳුළින් පස්ම කකා
කරනා හුවමාරු අප උරුමයන් වසා
දැනුනෙ දෙඹරුන්ට රට යන කලය විනා

උන් මුං නසාගෙන වෙඩි ඇන කොටා ගෙන
පෝස්ටර් උඩින් තව තව මඩ ගසාගෙන
වටිනා මිනිස් බිලිදී රඟ මඩල වෙත
නරඹයි සබය සව්දිය අත තියාගෙන

කහවනු රන් ගොයම් පීදුන හතර අත
ගෞතම බුදුන් පියසටහන් තැබූ රට
බලා එහෙව් සිහළුනෙ නිදි දෑස හැර
දකිව් ඈත අද අද ලොව විනාශය..!



~මේ යුගයේ දරුණුතම ඛේදවාචකය වනුයේ...
නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව
හොද මිනිසුන්ගේ නිහඬතාවයයි~

අහිමි වී ගිය සෙනෙහස


    පුංචි කාලේ අපි හැමදාම වගේ හමු උනා... එකට සෙල්ලම් කලා.... කෑවෙ බිව්වේ හැමදෙම වගේ එකට...ඒ කාලේ ආදරයක් ගැන හිතට ඒ තරම නොදැනුනාට ටිකෙන් ටික අපි වයසින් වැඩි වෙනකොට මගේ හිතේ ඔයා ගැන ඇති උනේ පුදුමාකාර ආදරයක්... මටත් නොදැනිම ඔයා මගේ හිතේ තැනක හැමදාටම රැදෙන්න පටන් ගත්තා...මගේ හිතේ කොයි තරම් නම් ආදරයක් ඔයා ගැන තිබුනත් ඒ ගැන මට ඔයා ඉස්සටහට ඇවිත් කියන්න බය හිතුනා... ඒ  ඇයිද කියන්න මම දන්නේ නැහැ... දවසක් බොහොම අමාරුවෙන් හිත හදා ගෙන ඔයා ලගට ඇවිත් මගේ ආදරේ ඔයාට කියන්න හිතාගෙන මම ඔයාව මුනගැහෙන්න ආවා...එදා ඔයා ඇවිත් තිබුනෙත් මට දෙයක් කියන්න හිතාගෙන....

     "අයියේ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා"  ඇය මා දිහා කදුළු අමාරුවෙන් හන්ග ගනිමින් මොකක්දෝ කියන්න හදන බව මට තෙරුනා...

     "කියන්න" මමත් මම කියන්න ආපු දේ හිතේ ආයෙමත් හිරකරගෙන ඇගෙන ඇහුවා...

   " අපේ තාත්තා මාව කොළඹ ස්කොලෙකට යවන්න හදනවා...අළුත් අවුරුද්ද පටන් ගත්තු ගමන් මට අළුත් ස්කෝලෙට යන්න වේවි" 

හීනෙන්වත් නොහිතුව වෙලාවක මම ආදරය කරපු සුදු නංගි මොකද්ද කියන්නේ කියල මට හිතාගන්නවත් බැරි උනා....

     "ඇයි අයියේ කතා කරන් නැත්තේ" ඇය මගේ නිහැඩියාව බිදිමින් මගෙන් අහුවා...

     "ඔයා ආයෙත් කවදාවත් ගමේ එන්නේ නැද්ද?" මට එක පාරටම වගේ ඇහුනා.....

     "කියන්න බැහැ.... අම්මලත් එහෙ පදින්චියට යනවා".... 

                            හිතේ ගොඩක් දවස් හිරකරගෙන හිටපු ආදරේ අද කොහොම හරි කියනවයි කියල හිතාගෙන ගෙදරින් ආපු මට මේ මොකද වෙන්නේ කියල හිතා ගන්නවත් බැරි උනා...කොයි තරම් අකමැත්තෙන් උනත් එදා අපි දෙන්නට, අපි දෙන්නගෙන් වෙන් වෙන්න උනා.... 

                              නිවාඩුවකට හරි සුදු නංගි ගමේ ඇවිත් යන්න එවියි කියල බලාගෙන හිටපු දවස් අනන්තයි.... එත් ඒ  එක දවසකවත් ඈ ගමේ ආවේ නැහැ......... මටත් නොදැනිම මගේ බලාපොරොත්තුවත් එක්කම අවුරුදු ගානක් ගෙවිලා ගියා.....

                               අද උදුවප් පොය.... වෙනදට පන්සල් යන්න හිත නොකිව්වත් අම්මා කතා කරපු නිසා පන්සල් ගියා... යාළුවොත් එක්ක බෝ මළුවට වෙලා වෙනදා වගේ කතා කර කර ඉන්නකොට ඈතින් හුරු පුරුදු රුවක් අපි ඉස්සරහට එනවා වගේ දැක්කා... මම යාළුවො එක්ක කතා කරන එක නවත්තලා ඒ කව්ද කියලා උවමනාවෙන් බැලුවා.. 

                       ඒ  වෙන කවුරුත් නෙවෙයි සුදු නංගි.... මම ඇයව දැක්කේ අවුරුදු ගානකට පස්සේ... එත් ඈ තාම ත් ඉස්සර වගේමයි... ඒ හිනාව... ඒ ඇස් දෙක....මගේ හිතේ කියා ගන්න බැරි සතුටක් ඇති උනා... ඇයත් එක්ක කතා කරන්න හිතාගෙන මම ඈ වෙත යන්න හැදුවත් එක පාරම මෙගේ හිත මාව නැවැත්තුවා....

                              ඇගේ සුළැගිල්ලේ දිළුන මන්ගල මුදුව  මාව එතනම නතර කර ගත්තා.... ඈ දැන් වෙන කෙනෙකුට අයිති වෙලා... කවදාවත් කියා ගන්න බැරි උන මගේ ආදරය හැමදාටම මගේ හිතේ වැළලුනා කියල මට හිතුනා... ඇය හෙමින් මගේ ඉස්සරහට ආවත් මම කතා කරනවද නැද්ද කියල මගේ හිත කල්පනා කරන්න උනා....

                    ඇය මා අදුන ගත්තේ නැහැ.... අනිත් හැමොමත් එක්කම වගේම මගෙත් එක්කත් ඈ මුවගින් සිනාවක් පාලා  මගෙන් ඈතට යන්න ගියා... ඇ යන මවත දිහා මම ආයෙත් වතාවක් ඇසිපිය නොහෙලා බලන් හිටියා. ඒ ආයෙත් කවදාවත්ම දවසක මෙගේ ආදරය ඇයට කියාගන්න මට බැරි වෙන නිසා...

            අද ඇය අන් සතු වෙලා අවසානයි.....  ඒත් මම තාමත් ජීවිතය නැවතුන තැනම.....


මලයාගේ බේබදු කථා - 2


කොහොමද කට්ටියට?හිතනවා ඔක්කොමල හොදින් කියලා.මාවතේ අපි පටන් ගන්න මලයාගේ බේබදු කථා පලවෙනි කොටස මුල් වුන නිසා මාවතේ ලියන පලවෙනි ලියවිල්ලෙන් ඒ කතාව ඉවර කරන්න කියලා හිතුවා.
පලවෙනි කොටස කියවපු නැති අය ඉන්නව නම් මෙතනින් ගිහින් ඒ ටිකත් කියවලාම එන්නකෝ.

පලවෙනි කොටස ඉවර වුනේ පාර්ටි එකෙත් අන්තිම හරිය වෙද්දිනේ..මේ වෙනකොට අපිට යන්න කැබ් එකකට කතා කරලයි තිබ්බේ.7 දෙනෙක් හිටියනේ කුන්ෆු පැන්ඩලහ යන්න.අන්තිමට කොහොම හරි බ්රම්මේ ට ගෙදරින් කෝල් කරලා හදිස්සියක් වෙලා එන්න කියලා තිබ්බා.කබ්බාත් ආසන සංවිධායකනේ.ඔන්න ඌටත් කෝල් එකක් ඇවිත් ඌත් ගියා.පහුවෙනිදයි දන්නේ ලොක්කෙක් තමයි එන්න කියලා තියෙන්නේ කියලා.කමක් නැහැ ඉතින් අන්තිමට 5 දෙනයි,කට්ටිය අඩු වෙන තරමටත් හොදයි නේ හෙහ් හෙහ්.
දැන් ඉතින් පාර්ටියත් ඉවර වුනා..කට්ටියටම සමුදීලා ආපු කැබ් එකට අපි 4 දෙනා නැග්ගා.කොහා ට බයික් එකක් තියෙන නිසා බුවා බයික් එකේ ආවා.පැය බාගෙක විතර ගමනකින් පස්සේ අපි කුන්ෆු පැන්ඩලහට ආවා.
ආපු ගමන් ම මල පෙරේතයෝ වගේ බොන්න බැහැනේ..එකා එකා ගිහින් ඇගපත සෝදන් ආවා.වෙලාව 1 විතර වෙලා දැන්.හද්ද රෑ නේ. ඒත් හද එහෙම ලස්සණට කුන්ෆු පැන්ඩලහගේ මිදුලට වැටිලා තිබ්බා.ඒක නිසා කට්ටියම කැමති වුනා ගේ ඇතුලේ නැතුව එලියේ අපේ වැඩේ පටන්ගන්න.මිදුලෙන් මේස කෑල්ලකුයි පුටු 5 කුයි තියාගත්තා.මේසෙ උඩින් බෝතල් ටිකයි අනිත් දේවල් ටිකයි තියලා කුන්ෆු පැන්ඩලගේ කුස්සියට ගියා ඔක්කොමලම. ගිහින් ෆ්‍රිජ් එකේ තිබ්බ ඇපල් ගෙඩි 5කුයි සොසෝජස් පැකට් එකකුයි දෙහි ගෙඩි 3 කුයි ගත්තා.කොහායි බාර්නියි සොසෝජස් බදින වැඩේ බාර ගත්තා.මායි කරදරයි ඇපලුයි දෙහියි පොඩි පොඩි කෑලි වලට කැපුවා



හරි වැඩ ඔක්කොම ඉවරයි.මේසෙත් පුරවලා.කට්ටියම වැඩේට එන්ටර් වුනා.පලවෙනි වටේ චියර්ස් කියලා පටන් ගත්තා.දැන් ඉතින් හිමින් සැරේ බිබී කතා කිය කිය එක ඒකාව බයිට් කර කර වැඩේ නැගලා යනවා.බෝතල් එක දෙක ඉවර වෙද්දි 5 දෙනාට ම හොද ගනන්.ඒත් ඉතින් තව බෝතලේකුයි බියර් 5කුයි තියෙනවා.

දෙවෙනි බෝතලේ ඉවර වීගෙන යද්දී කුන්ෆු පැන්ඩා නැගිටලා මචං මම පැය බාගයක් නිදාගන එන්නම් කියලා.ඊට විනාඩි 15 කට පස්සේ කරදරත් ශේප් එකේ කාමරේට රින්ගුවා.අපි 3 දෙනා ශේප් එකේ වැඩේ කරගන යනවා.හොද ගනන් හැබැයි.කට්ටිය හිතේ තියන තරහවල් තියෙන දුකවල් ඔක්කොම නියමෙට පිට කරනවා.
 කුන්ෆු පැන්ඩා ගිහින් පැය බාගෙකට ලන්වෙන්න වුනා..මම බාර්නිට කිව්වා මචං කරදව පොඩ්ඩක් බලපන් මම පැන්ඩාව බලන්නම් කියලා.මම පැන්ඩ ඉන්න කාමරේට ගියා.පොර කපලා නිදි ඇදේ.ඇද බිත්තියට හේත්තු කරලා තිබ්බේ.පොර බිත්තිය පැත්තට හැරිලා බිත්තිය කාගෙන නිදි.මම ගිහින් තට්ටිවක් දාලා ඒයි නැගිටිනවා දැන් පැය බාගේ හරි කිව්වා.අයියෝ පොර මගේ පැත්තට හැරිලා ඇස් දෙකත් වහගෙන කට පුරවලා පට්ට හිනාවක් දැම්මා.ඒ හිනාවේ ඔක්කොම අන්තර්ගත වෙලා තිබ්බා.අනේ බන් මට ඉන්න දීපන් මට නැගිටින්න බැහැ..උඔලා ගිහින් බීපන් කිසි අවුලක් නැහැ ඔය වගේ ගොඩක් දේවල් ඒකේ අන්තර්ගත වෙලා තිබ්බා..



මම ඊට පස්සේ ශේප් එකේ මේසෙට ආවා .බාර්නිත් ආවා මේසෙට .කරදර අනිත් කාමරේ බාත් රූම් එකට ගිහින් සින්ක් එක බදගෙන කබ්බා දානවලු.හෙහ් හෙහ්.

ඒ දෙන්නට පාඩුවේ නිදා ගන්න කියලා අපි 3 දෙනා ඉතුරු බෝතලේට වැඩේ දුන්නා.දැන්නම් ඉතින් හොද ගනන්.ඔක්කොම ඉවර වුනාට පස්සේ අපි මේසේ අයින් ඔක්කොමල අයින් කරලා අපිත් ගිහින් නිදාගත්තා.
වැටෙන විනාඩිය විතරයි අනික් අතට නින්දත් ගිහින්.කොහොම හරි 9 විතර වගේ වෙද්දි නැගිට්ටා.පොල්ලකින් ගැහුවා වගේ නිකන්.එහෙට මෙහෙට විසි වේවී සාලෙට ගියා.කට්ටිය සලේ ප්ලේස්ටේශන් එක දාගෙන ගේම් ගහනවා.කොහා නැහැ හැබැයි.ඒකා ගිහින්.කරදර බාර්නිව බයිට් කර කර කියනවා කොහා උදේ 6 වෙද්දි යන්න හැදුවලු.ඒත් ඉතින් වෙරි නිසා යන්න දීලා නැහැ.කරදර ශේප් එකේ බාර්නිට කියලා කොහා ගේ බයික් එකේ ප්ලග් එකට කොල ගුලියක් ඔබලා වරෙන් කියලා.බාර්නි ගිහින් තඩි කොල ගුලියක් හොරෙන් ඔබලා ආවලු.ඊට පස්සේ ඉතින් කරදර කොහාට කියලා අහ් එහෙනම් දැන් උඔ පලයන් කියලා.මෙන්න කොහා ගිහින් බයික් එකත් ස්ටාට් කරගන ගියාලු.බාරිනි ප්ලග් එකට කියලා වෙරි මරගාතේ කොහෙටද දන්නේ නැහැ කොල ගුලිය ගැහුවෙ හහෙහ් හෙහ්.
කට්ටිය එක එක පිස්සු කෙලිනවා. උදේ කෑමත් කාලා එහෙම ඉන්නකොට ඔන්න මට අරයාගෙන් ඔව් ඔව් ගෑනු ලමයාගෙන් කෝල් එකක් ආවා.ඊයේ රෑ බොන්න ආවා කියලා දන්නේ නැහැ ඇත්ත කියලා එන්න බැහැනේ ඒ නිස පොඩි බොරුවක් කියලයි තිබ්බේ..කොහොම හරි උදේ නෝමල් විදිහට කතා කලා.පස්සේ ෆෝන් එක තියන්න යද්දි ඇහුවා "ඔයාට අද දවස මතක නැහැ නේද කියලා?" මාත් ඉතින් කිව්වා ඇත්තටම මතක නැහැ කියලා.දවසක් වෙලාවක් ගැන කොහේ මතකයක් ද මේ පිස්සු කොර වෙලා ඉන්නකොට?
කොහොම හරි මම එහෙම කිව්වට පස්සේ එයා ෆෝන් එක තිබ්බා.අත් ආයි ගත්තේ නැහැ ෆෝන් එක.
මල මගුලයි වෙරි බැහැගෙන එනකොට තමයි මතක් වුනේ අද එයාගේ උපන් දිනේ නේද කියලා.අප්පා හිතාගන්න පුලුවන්නේ ඉතින...වසලා හමාරයි.දැන් මොකද කරන්නේ ?ටිකක් කල්පනා කරලා පොඩි ප්ලෑන් එකක් ගැහුවා..ඒක ක්‍රියාත්මක කලා නම් වැඩේ ගොඩ දාගන්න පුලුවන් වෙයි.

දැන් කට්ටියත් පැන්ඩලගේ ගෙදරින් එක්ක හදන්නේ.පැන්ඩාටත් සමුදීලා 3 දෙනා එක්ක ටවුන් හෝල් එකට ඇවිත් රින්ගුවා ඔඩෙල් එකට.ලස්සණ තැග්ගයි කාර්ඩ් එකකුයි ගත්තා.හොද කේක් එකකුත් ගත්තා.අරයට කෝල් එකක් වත් නොදී කෙලින්ම ගියා එයාලගේ ගෙදරට.ගිහින් ගෙදර අයත් එක්කම එකතු වෙලා කේක් එක කපලා කාල බීලා තැග්ගත් දීලා ආවා.ප්ලෑන් එක ෆුල් සක්සස්.එයාගේ හිතේ තිබ්බ කහටත් ගියා.මටත් සතුටුයි.

ඊට පස්සේ ඉතින් මාත් ශේප් එකේ ගෙදර ආවා.ඔන්න ඔහොමයි ඉතින් අපේ බේබදු කතාව ඉවර වුනේ.වැරදියට හිතන්න එපා අපි හැමදාම බොන්නේ නැහැ ඉන්දලා හිටලා සෙට් වෙන්නේ.ඒ මොකද බොන එක හිතකර නැහැ කියලා දන්නවා හෙහ් හෙහ්.මේ පෝස්ට් එක නොබොන අය බොන්න උසි ගැන්වීමක් නොව හුදෙක් විනෝදය සදහා ලියූ දෙයකි. :)


පොඩි බලිකුරුට්ටක්! :ඩී


ආදරය යනු කුමක්ද​?

බොහෝ අය හිතාගෙන ඉන්නෙ ආදරය කියන්නෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර තියෙන දෙයක් විදිහටයි. එ වුණාට ආදරය කියන වචනයේ ඊට වඩා පළල් ගැඹුරු අර්ථයක් තියෙනවා.
අපි හැමෝම මිනිස්සු. අම්මාගෙන් කුසෙන් ආපු, ඇයගෙන් දස මාසයක් ම පෝෂණය වී ආ දරුවො අපි. අන්න එතනින් තමයි ආදරේ අපට පලමුවෙන්ම ලැබෙන්නෙ. එය මවු සෙනෙහස මිස වෙන කුමක්ද​? අදටත් මට මුළු ජීවිතයටම වටින කෙනෙක් තමයි අම්මා කියන්නෙ. "ගෙදර බුදුන් අම්මා" කියලා බුදුරදුන් වදාල වදන හරිම අගනේය​.
ඊට පස්සෙ, මෙලොවට බිහිවුනාට පස්සෙ අපි හැමෝම ඊට පස්සෙ දකින්නෙ අපේ තාත්තායි. රස්සාවට ගිහිල්ලා, දහඩිය විකුණලා, අපට අවශ්‍ය දැ , රස බොජුන් හේම අරන් එනවා. පොඩිකාලෙ, අපි හවසට මිදුලට වෙලා, තාත්තා එන්නේ කීයටදෝ කියා කියා ඇගිලි ගනිමින් බලන් ඉන්නවා. 
අපේ දෙමාපියන්ට "පුබ්බේආචාරියා" කියල කියන්නෙත්, ඔවුන් අපගේ ප්‍රථම ගුරුභවතුන් නිසාය​. පිවිතුරු වු මව්පිය සෙනෙහස අප සැමදෙනාටම ආශිර්වාදයක් බවට නිසැකය​. 
අපි ඊට පස්සේ "සමාජය​" කියන වේදිකාවට කෙමෙන් කෙමෙන් ළගා වෙනවා. පෙර පාසලේ, ප්‍රාථමික ශ්‍රේණීවලදී, ශිෂ්‍යත්ව පංතියේදී, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංතිවලදීත් යහළු යෙහෙළියන් අපට හමුවෙනවා. එතැනදි අපට මිතුදම හමුවෙනවා! ගුරුවරුන්ගේ කරුණාවන්ත බවින් යුක්ත වූ සෙනෙහස හමුවෙනවා. 
ජිවිතේ යම් කෙටි දුරක් ගෙව්වා. ඊට පස්සේ කියනවා "අම්මේ අම්මේ.. මේ මට​.. කියන්න ලැජ්ජයි තාත්තාට​.." කියලා. එතකොට අපිට ඕන වෙනවා ලස්සන කෙල්ලෙක් නැත්තම් කඩවසම් කොල්ලෙක්. අන්න ඊට පස්සේ මට "ලව් සික්"! කොහොමටත් ඔය බක්මහ කාලෙන් පස්සේ තරුණ කට්ටිය එකට එක්වෙනවා වැඩියි. ඊට පස්සෙ ඉතින් ආදර හැඟීම් ඇවිස්සෙනව වැඩියි! දන්නේ නැද්ද ඉතින්.. විසේ. :ඩී
ඊට පස්සෙ දෙන්නෙක් එක්වුනාම​, ආදරය කරමින්, ජීවිතය ගෙනියනකොට​, සමහර වේලාවට බාධා ඇතිවෙන්න ඉඩ තියෙනවා. එහෙම අනන්තවත් ඇතිවෙලාත් තියෙනවා. 
මගේ අදහස නම් අපි ප්‍රේමය කරනවානම් කෙනෙකුට , එය අපගේ අවසන් සහ කුළුදුල් පෙම විය යුතුයි. අපි තව කෙනෙකුගෙන් වෙන්වී තව කෙනෙකුට පෙම් කරනවානම්, එය ටොපියකට හා සමානයි. හිතෙන්නෙ නැද්ද ඔබට හේම​?


හරි හරි.. ආදරේ ගැන කියනකොට හුඟාක් දුර ගියා නේද​? :)
කමක් නැහැ.. ආදරේ කියන්නෙත් පඩිපෙලක් වගේනේ?
අපි අපේ ජීවිතේටත් ආදරෙයි නේ?


විකාර සිතුවම



පන්දා පටන් තේරුම් ගන්න 
උත්සහ කරන
ඒත්...
මෙලෝ කෙනෙකුට 
තේරුම්ගන්න බැරිවෙන්න
කවුදෝ මොනවද මන්දා 
හිතාගෙන ඇන්ද..
ජීවිත සිතුවමක...

වෙනස් හදවත් දෙකක්
විකාර සිතුවමක් මත
එකම සිතුවමක්
මියෙන තුරාවට
ගලපන්න උත්සහගන්න
ආදර සිතුවමෙන්...


නෙක පාට තෙලිතුඩින්
 සිත්තම් වෙලා තිබුණත්
දකින්නට වරම් නැති
මියෙන මොහොතෙ
අනුන් ගුණ දොස් 
පවරණ
අවසන් සිතුවමට..





මාවතේ අපි



සාදරයෙන් පිලිගන්නවා ඔයාලා ඔක්කොමලව අපේ මාවතට...!


අපේ මාවත හ්ම් කවුද මේ මාවතේ ඉන්නේ?මේ මාවත හැදිලා තියෙන්නේ හතර දෙනෙක්ගෙන්...පලවෙනි කෙනා තමයි වර්ණයට වර්ණ තවරන දිනේශ්,දෙවෙනි  කෙනා තමයි අපේ දිනේශ් අයියා ගේ හොද යාලුවා නන්නාදුනන්නියකගේ අකුරු ගෙත්තම ලියන නන්දු අක්කා...තුන්වෙනියා මගේ හොද යාලුවෙක් ෂාවින්දි(ශවී),අන්තිමට ඉන්න මම පුබුදුවා.


මාවත පටන් ගන්න මුල වුනේ දිනේශ් අයියා තමයි..මම ඉතින් කලින් සිත් මල් යාය ලිව්වා..අවුරුද්දකට වඩා කාලයක් එක දිගට ලිව්වා ඒත් ඉතින් වැඩ කරන්න ගත්තට පස්සේ මහන්සියයි කම්මැලිකමයි නිසා ඒක මග ඇරුනා..මම නම් මහ කම්මැලියෙක් හෙහෙ


පස්සේ ඉතින් අයියාගේ බ්ලොග් එකට සපෝර්ට් එක දෙනකොට මටත් එක දවසක් ජොලියට ලියන්න හිතුනා..ඉතින් අදහස ක්‍රියාත්මක කරලා අයියගේ බ්ලොග් එකට පෝස්ට් එකක් ලිව්වා.ලිව්වට පස්සේ කට්ටිය අහලා තිබ්බා මල්ලි ඇයි ආයි ලියන්නේ නැත්තේ කියලා.අයියා ඊට  පස්සේ කිව්වා අපි එකතු වෙලා බ්ලොග් එකක් ලියමු කියලා..මාත් ඉතින් එක පයින්ම කැමති වෙලා වැඩේට බැස්සා.


ඔන්න ඔහොමයි අපේ මාවතට අඩිතාලම වැටුනේ..එහෙනම් ඔයාලා ඔක්කොටම මාවතට ගොඩ වදින්න කියලා මම.එහෙනම් ඔයාලා ඔක්කොටම ජයවේවා..!

 
මාවතේ අපි © 2012