කොහොමද කට්ටිය?සැපෙන් සනීපෙන් ඉන්නවා නේද?අපේ අයියා මාවතේ මගේ ගැන බොරු ප්‍රචාර පතුරලා බෝ පැලයක් වගේ ඉන්න මට නොසෑහෙන්න අපහාස කරලා පොස්ටුවක් දාලා තිබ්බා ඔයාලා කියවන්න ඇති.නොකියවපු අය මෙතනින් කියවලාම බලන්නකෝ.මේ කරපු අපහාසයට ඉතාලියේ ඉහල උසාවියේ මේ වෙනකොටත් නඩුවක් පැවැත්වෙනවා.
මෙහ් වැඩේ හරියන්නේ නැහැ කියලා හිතපු මට හිතුනා අපේ අයියා ගැන පාපොච්චාරණයක් කරන්න.අයියයි මායි මුලින්ම ෆිට් වුනේ දහම් පාසලේදි.ඒ වෙනකොට මම 9 වසරේ අයියා 11 වසරේ.අයියා ඒ වෙනකොටත් හරි අන්ඩ පාල.හැමදාම විවේක කාලෙන් පස්සේ දහම් පාසලෙන් කට්ටි පනිනවා.තනියම නෙමෙයි අහින්සක මාවත් එක්ක ගෙන.ගිහිල්ලා ඉස්කෝලේ පිට්ටනියට ගිහින් සෙල්ලම් කරනවා දෙන්නා එක්ක.සරමත් එක්ක සෙල්ලම් කරන්න අමාරු නිසා උදේට ඇන්දගෙන යන සරම ගලවලා බෑග් එකට දාගන්නවා(යටින් කොට කලිසමක් ඇන්දන් ඉන්නේ හොදේ).දෙන්නත් එක්ක ඉතින් හොදට සෙල්ලම් කරලා දහම් පාසල් ඉවර වෙන වෙලාවට ගෙදර යනවා.ඔන්න ඔහොමයි අයියා මගේ දහම් පාසල් අධයාපනේ කඩාකප්පල් කලේ හෙහ් හෙහ්.
ඕ ලෙවල් ඉවර වුනත් එක්ක අපේ අයියාට මගුල් විසේ ගැහුවා. ගමේ එහා කෙලවරේ ඉන්න ලස්සණ ගෑණු ලමයෙකුට අයියා ගේ හිත මේ වෙනකොට ගිහිල්ලයි තිබ්බේ.දවස් ගානක්ම පස්සෙන් ගිහින් තිබ්බා.කොහොම හරි එක දවසක් යද්දි එයාගේ තාත්තා ඇවිත්.මෙන්න හවස් වරුවේ මට කියනවා මල්ලි ඒ වැඩේ නම් හරි යන්නේ නැහැ කියලා.මම ඇහුවා ඒ මොකෝ කියලා.අපෝ එයාගේ තාත්තා පොලිසියේ කිව්වා.හෙහ් හෙහ්.අයියා පස්සෙන් යද්දි ඒ ගෑණු ලමයගේ තාත්තා පොලිස් බයික් එකෙන් ඇවිත් එයාව දාගෙන ගිහින්.පස්සෙන් ගිහින් අහුවුනොත් පොලිසියේ ඉන්න වෙයි කියලා අයියා බය වෙලා.ඔහොම හරි ඒ වැඩෙත් එතනින් ඉවරයි.
අපේ අයියාව හැමෝම දන්නේ අමධයප කියලනේ...ඒකත් අමූලික බොරුවක්.එක දවසක් අපි මලින්ද කියලා යාලුවෙක්ගේ ගෙදරක පොඩ්ඩක් සෙට් වුනා.අයියා එයාලගේ ගෙදර තිබ්බ බාගෙකුයි අර සාම්පල් බොතල් 4 කුයි ගෙනැල්ල හොරෙන් බොන්න ඕන කියලා.අපි කිව්වා එපා අයියේ බොන්න එපා කියලා කොහෙද ඉතින් ඇහුවේ නැහැනේ.වතුර තිබහට බොනවා වගේ බීගෙන බීගෙන ගියා.අන්තිමට අපේ කරපිටින් තමයි අයියට යන්න වුනේ.
අයියා ඒ ලෙවල් කරලා ඉවර වෙනකොට වගේ මෙයාට ගෑණු ලමයෙක් සෙට් වෙලා තිබ්බා.අපරාදේ කියන්න බැහැ ඒ වැඩ නම් උපතින්ම පිහිටලා තියෙනවා.ඒ ගෑනු ලමයා ඉන්ටර්නැශනල් ස්කූල් එකකට යන කෙනෙක්.හරිම ලස්සණයි.මාර ගති.ලස්සණ දේවල් ඉතින් අගේ කරන්න එපයි.කොහොම හරි ඒ ලමයා අයියලගේ ගෙදර එහෙම යන්න එන්න ගත්තා.අයියලගේ ගෙවල් පැත්තේ අපි කොල්ලො සෙට් එක එකතු වෙලා සෙල්ලම් කරනවා.ඔන්න අපි එක දවසක් සෙල්ලම් කරනවා..අයියා නැහැ..පස්සේ ටික වෙලාවකට පස්සේ අයියා ඈත එනවා බකල් ගහ ගහ.මම ඇහුවා මොකෝ අයියේ කියලා.ඒ පාර කියනවා මල්ලි අර කෙල්ල හෙන යක්ශනියක් කියලා.බැලින්නම් අයියාට විහිලුවට බිම පෙරලගන ගහලා.අතත් ඉදිමිලා.ඇග පුරාම සීරිච්ච පාරවල්.කොහොමින් කොහොම හරි ඒ පලහිලවිවත් නැවතුනා ටික කාලෙකින්.
මේ සිද්ධි වුනේ අක්කාගේ වෙඩින් එක දවසේ. කියලා තිබ්බානේ මම අර රූපලාවන්‍ය ආයතනයේ ගෑනු ලමයෙක්ගේ මොකක්ද පලහිලවුවක් ගැන.ඇත්තටම වුනේ මේක.අපේ අයියට ඒ ගෑණු ලමයා ගෑන හිතක් පහල වෙලා.මට කොල කෑල්ලක අයියා එයාගේ නොම්මරේ ලියලා දුන්නා. අනේ බුදු මල්ලියේ මේක ගිහින් අර කෙල්ලට දීපන්කෝ ශේප් එකේ කාටවත් නෝන්ඩි නොවී කියලා.අයියාගේ කීමට පිටින් යන්න බැරි නිසා මම දන්න වැඩ කෑලි දාලා ඒ ලමයට කොහොම හරි නොම්මරේ දුන්නා. මෙහ් ලගදි අයියා කෝල් කලාමත් ඇහුවේ මල්ලි අරයා හොදින් ඉන්නවා ඇති නේද කියලා?
ඔය අතරෙම මෙයාට දෙවෙනි මනමාලිටත් හිත ගිහින් කොහොම හරි ඒත් ඒ අදහස වැඩිය ක්‍රියාත්මක කලේ නැහැ.මොකෝ හදිස්සියේ වත් කෙල වුනොත්.හ්ම් අන්තිමට කාලා ඉවර වෙලා පොඩ්ඩක් අනුමත් වෙන්න ඕන කිව්වම ඒකටත් මම තමයි හොරෙන් බෝතලයක් ගෙනැල්ලා දුන්නේ හෝටලේ පිටිපස්සට. ඔහොම බෙල්ල ගහලා යන උදව් කරපු මලයට තමයි අර අපහාසේ කරලා තිබ්බේ හෙහ් හෙහ්.
ඔහොමෙන් කොහොම හරි ලංකාවෙදි හලපු පැණි ඉතාලි ගිහිල්ලත් හලන බවටයි ආරංචි. අර පොස්ට් ඔෆිස් එකේ ලමයට මෙයාව දැන් මල වදයක් වෙලාලු.ඇයි වදේ හැමදාම බිල් උස්සන් එනවලු බොරුවට.මේ පාර ලංකාවට ඇවිත් ආයි ඉතාලි ගිය දවසේ මිලාන් වල ඉන්දන් එන අතරෙත් ඇමරිකානු ජාතික ගෑණු ලමයෙක්ට ලංකාවේ පුරුද්දට කොලේක ලියලා නොම්මරේ දෙන්න ගිහින්.හම්බානක නොකා 99 න් බේරුලා තියෙන්නේ.
සතෙක්ටවත් ඉන්න දෙන්නේ නැති හැටි...සත්ව හිංසනය පිටු දකිමු..!
අල්ලපු ගෙදර නිලියගේ පැපරාසි ජායාරූප ගැනීමට ගිය අවස්තාවක්
තව කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා.ඒවා පස්සේ කියන්නම්කෝ.කොහොම වුනත් දැන් මගේ එක කුසන් උපන් සහෝදරයෙක් වගේ දිනේශ් අයියා.දිනේශ් අයියලගෙයි අපේ ගෙවලුයි ඉස්සර එක ලග තිබ්බේ.ඒත් දැනට අවුරුදු 2 කට කලින් අපි චුට්ටක් දුරට ගෙවල් මාරු කරන් ගියා. මහ දුරක් නෙමෙයි කිලෝ මීටර් 7 ක් 8 ක් විතර.මෙහ් අවුරුදු 2 කට ඒ පැත්තේ හිටපු අනිත් යාලුවොන්ට මාව අමතක වෙලා.ඒ මෙච්චර ඈත ඉන්න දිනේශ් අයියා මාව අමතක කලේ නැහැ.අද මම හොද ජොබ් එකක් කරගන යම්කිසි තැනක ඉන්නවා..මම ඒ තැනට එන්න එක හේතුවක් තමයි අයියා.
ඒ හේතුව කියන්න මම ලැජ්ජ වෙන්නේ නැහැ.මට පලවෙනි ජොබ් එක හම්බවුනාට පස්සේ මට පලවෙනි දවසේ අදින්න ඇදුමක් සපත්තු දෙකක් තිබ්බේ නැහැ.අයියාට මම කිව්වා මෙහෙම පොඩි සල්ලි ප්‍රශ්නයක් කියලා.කිව්ව ගමන් අයියා එයාලගේ ගෙදරට කතා කරලා මගේ ඒ ප්‍රශ්නේ විසදලා දුන්නා.ජොබ් එකේ පලවෙනි දවසේ අලුත් ඇදුමක් ඇදන් අලුත් සපත්තු දෙකක් දාලා ලස්සණට ගියේ අයියා නිසා.ඒ කරපු උදව්ව මම මැරෙන කන් අමතක වෙන එකක් නැහැ.එක කුස උපදුන සහෝදරයෙක් හිටියා නම් සමහර විට ඒ උදව්ව නොකරන්න තිබ්බා.අන්න ඒ වගේ හොද හිතක් අයියට තියෙන්නේ.
අයියාගේ තව මඩ අහගන්න් ඕන නම් කියන්නකෝ..මඩ ගොඩා.........යි...!