තනි උන මම



දම් පාට වලාවන් හමා එන
මේ සුන්දර සැන්දෑවේ
ගං  ඉවුරක තනි උන මගේ හිත
ඔබ ගැන මතකයෙන් වෙලි යයි..

මේ ගං ඉවුරේ ඉස්සර දවසක
ඔබ අත් අල්ලන් මා ගිය හැටි
ගං ඉවුරක තනි උන මගෙ හිත
ඉකිගසමින් මතකයට නංවයි..

හැමදාම මල් පිපුන මේ අරලියා ගස
එදා අපි දෙදෙනා හමුවෙන හැම මොහොතකම
සුන්දර අරලියා මලක් තෑගි දුන් හැටි
අදටත් මතකයි ඔබ වෙන්ව ගියත් මට..



මේක මේ 2002 අප්‍රේල් 30 ලියපු කවියක්.. වර්ණයට පරණ කවි පොතේ කවි යන්නේ නැති නිසා හිතුනා මේකට දාන්න..


5 comments:

  1. රුපියල්ම දෙසීයයි අන්තිමට රෝස මලක් ගන්නකොට..අරලිය මල් මතක් උනේ නෑ නේ....

    ReplyDelete
  2. අරලියා... මගේ ආසම මල......!!!

    ලස්සන කවියක් දිනේෂ් අයියා... පංකාදුයි... කාලය ගෙවුණට කවිය පරණ වෙලා නෑ...

    ReplyDelete
  3. අරලියා මලේ මහ අමුතු දුක්බර ගතියක් තියෙනවා...

    ReplyDelete
  4. හිතේ ලියැවුණ කවි කවදාවත් කල්ඉකුත් වෙන්නෙ නැහැ..
    දුකයි.. එත් ඒ මතින් ලස්සනට ගැලපුන කවි පෙලක්.. :)

    ReplyDelete
  5. කාලය විසින් ඉකුත් නොවෙන ඒ සුන්දර අතීතයේ දුක්බර මතක සටහන්! this is my first visit to ur page..:) ලස්සනයි දනේෂ්...:)

    ReplyDelete

 
මාවතේ අපි © 2012