හෙට සුභ ගමනක් යමි! :ඩී


සුභ ගමනක්? කුමක්ද මේ සුභ ගමන​? හුඟාක් අය හිතාගෙන ඉන්නව ඇති හොර වැඩකට වෙන්නැති කියලා. එහෙම හිතන්නත් සාධාරණ අයිතියක් තියෙනව අපේ ඇත්තන්ට තියෙනවා අද රටෙ තොටෙ සිද්ද වෙන දේවල් දැක්කාම​. සවස් යාමයට තමා මේ හමුවීම යොදාගෙන ඇත්තේ. මට මේ ශනිදාව ජීවිතයේ වැදගත් ශනිදාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා.
ඇත්තටම මම හමුවෙන්න යන්නෙ මුහුණු පොතේ මිතුරෙක්ව​. ඔහු වෙන කවුරුත් නොව කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා හෙවත් අයි.ආර් උපාධිය හදාරන ඉශාන් ජලීල් සොහොයුරාය​. ඔහුමයි මාගේ මුහුණූපොතේ මිතුරෙක් වශයෙන් පැමිණියේ. ඔහු මා සමඟ මුහුණුපොතේ සමහරක් වේලාවන්හීදී චැට් මුහුණුවරින් කතා කරලත් තියෙනවා. මේ එම චැට් ඉතිහාසයෙන් උපුටාගත් කොටසකි.

මම​:- ඉශාන්, මොනවාද ඔයාගෙ අනාගත බලාපොරොත්තු? අහන්නත් ආසයි. :ඩී

ඉශාන්:- ඇත්තටම මම එක්සත් ජාතින්ගේ සංවිධානයේ අපේ රට නියෝජනය කරන්නා වූ තත්වයකට පැමිණීමට අදිටන් කරගෙන සිටින්නෙමි. මට ඒ.ජා සංවිධානයේ මූලස්ථානයට යෑමටත් අවස්ථාව ලැබුනා. එහි පිංතූර ටික ඇති ඇල්බම් එකේ. බලන්න​. :)

මම​-: ඇත්තටම සුපිරියි ඉශාන්! :) ඔබ මහාචාර්‍ය අබ්දුල් කලාම් මහතා වැනි මහත්මා වරුන් ද හමුවි ඇත​? එය කොතරම භාග්‍යයක් ද​? :)

ඉශාන්-: ඇත්තටම​, එය මට මහත් භාග්‍යයක්. එතුමාගෙන් මගේ ප්‍රශ්න විමසු විට​, ඔහු පිළිතුරු දුන් ආකාරය රත්තරන් වටී.

මම​-: අපිවත් එතරම් වාසනාවන්ත නැහැ. මම ඔබට සුභ පතනවා හදවතින්ම අපේ මව්බිමට මහඟු සේවාවක් කිරීමට හැකිවේවා කියලා.

ඉශාන්-: බොහෝම ස්තුතියි. මම මාගේ අයි.ආර් උපාධිය ගත්තාට පසුව මගේ මව්බිමට එළිය පාදා දීමට වෙර දරමි. :)

මෙලෙසින් අපි මුහුණුපොතින් ඉතා වටින වැදගත් තොරතුරු කතාබහ කළෙමු. මිතුදම් වැඩි දියුණු වූ නිසා ජංගම දුරකථන අංක ද හුවමාරු කරගත්තා.

ඉන් පසු දින දෙකකින් මට ඔහුගෙන් ඇමතුමක් ලැබුනා. එදින උදේ මා කරමින් සිටි පොඩි රසායන විද්‍යා පරීක්‍ෂණයත් පසෙක දමා ඉශාන් සමඟ සතුටු හිතින් කතාකළා. ඔහූ මට කතාවේ එක් තැනකදී මේසේ පැවසුවා,

"බ්‍රයිල් වලින් පොත් හොයාගන්න හරිම අමාරුයි."

"බ්‍රයිල්? හ්ම්?" මම එකපාරටම පුදුමයෙන් වගෙ කතාකළේ.

"ඔව්. ඔව්. අන්ධ මිනිස්සු ලියන්නෙ කියවන්නෙ බ්‍රයිල් වලින් නේ?"

ඇත්තටම මාව මොහොතකට නිශ්ශබ්ද වුනා. "ඇත්තද? ඔයා අන්ධ ද ඉශාන්?"

"ඔව්. මං ජාත්‍යන්ධයි."

"හ්ම්හ්ම්හ්ම්... එතකොට ඔයා එෆ්.බී එකෙ කතාකරන්නෙ?"

"හාහා! ඒක කරන්නෙ වොයිස් රෙකොග්නිෂන් (ශබ්ද හඳුනාගැනීම) තුළින්"

පුදුමය නම්, මම ඉශාන් අඳ කෙනෙක් කියල දැනගෙන හිටියෙ නැහැ. ඇත්තටම මට ඒ අවස්ථාව ජීවිතයෙ පෙර දිනක මට සිදුවෙලා නැහැ. ජාත්‍යන්තර සබඳතා ගැන උපාධියක් හදාරා මුළු රටටම දැයටම සේවය කිරීමට ඉශාන් වගේ විශිෂ්ට මිනිස්සු ගැන මගෙ හිතේ ඇතිවුනෙ ආඩම්බරයක්. ඔහු තුළ ආවේණික වූ හොඳකම​, අවංකකම ඇත​. මේ ලෝකයේ සිදුවෙන්නාවු විපර්‍යාස අපිට වඩා ඔවුන් ට හොඳට හැඟෙනවා. ඒක හරිම අපූරූ දෙයක්. ඉශාන් සමඟ කතාකරන විට එම ගුණය ඉතා මැනවින් ගම්‍යමාන වෙනවා.

ඉශාන් වැනි අය අපේ ලෝකයේ සිටින්නාවු දුලභ මිනිස්සූ ය​. එවැනි දුලභ මිනිසෙකු සමඟ පිළිසඳරක යෙදීමත් සුභ කරුණකි.

"ඔහූට මා පෙනෙන්නේ නැත​. මට ඔහුව පෙනේ. එහෙත් අපගේ පිළිසඳර භෞතික ලක්‍ෂණ වර්ණනයට වඩා වැදගත් ය​. ජීවිතය කට්ට සම්බලයක් බව මා පවසන්නෙ ඒ නිසා ය​."

6 comments:

  1. අන්තිම වෙනකං හිතාගන්න බැරිඋනා ඒ පුද්ගලයගේ විශේෂත්වය....පුදුම ආත්ම ශක්තියක් විශ්වාසයක් ඇති කෙනෙක් වෙන්න ඇති....මගෙත් සුභ පැතුම් එක් කරන්න හම්බ උනාම....

    ReplyDelete
  2. හාහා.. බොහෝම ස්තූතියි! :ඩී

    ReplyDelete
  3. හ්ම් මට නම් හිතාගන්නත් අමාරුයි...මේ තරම් ආත්ම ශක්තියක්...ලැජ්ජ හිතෙනවා සමාජේ ඉන්න සමහරක් කොල්ලො ගැන නංගි

    ReplyDelete
  4. ඇත්ත අයියේ.. අද මම ඉශාන් ව හමුවුණා නේ. එයාගෙ වචනයෙන් කතාවෙන් .. මට තේරුනෙ එයා කෙතරම ආබාධිතයෙකු උනත්, යෝධ හිතක් තියෙනවා කියලයි. :)

    ReplyDelete
  5. හිතට දැනුන සටහනක් පොඩ්ඩියේ.. ඒ හිත්වල තියෙන හයිය අපේ හිත්වලට ලංකරන්නවත් බැහැ.. අගේ කරනවා මේ සංවාදයෙන් හදවත් වලට පණිවිඩයක් දුන්නට.. ඒවගේම සුබ පතනවා ඒ සොඳුරු මිනිසා මුණගැසීමේ නිමිත්තට..!!! :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ! පිළිගන්නවා හිස මුදුනින්ම ඔබේ අදහස! :ඩී

      Delete

 
මාවතේ අපි © 2012