§දරුණුතම ඛේදවාචකය§


අහසින් වැටුණ දිය බිදුවෙන් අමුණු තනා
පෙරකල රජුන් සිරි ලක දෙස දුකින් බලා
සිටවූ ගොයම් යායම අද ගොන්නු කකා
ගෙනෙයි රටින් රට දෑමය හොඳය කියා

තරඟකලට තම ඉල්ලීම් සිඟාන ආ
පඩිය උඩට'විත් කඳුළින් පස්ම කකා
කරනා හුවමාරු අප උරුමයන් වසා
දැනුනෙ දෙඹරුන්ට රට යන කලය විනා

උන් මුං නසාගෙන වෙඩි ඇන කොටා ගෙන
පෝස්ටර් උඩින් තව තව මඩ ගසාගෙන
වටිනා මිනිස් බිලිදී රඟ මඩල වෙත
නරඹයි සබය සව්දිය අත තියාගෙන

කහවනු රන් ගොයම් පීදුන හතර අත
ගෞතම බුදුන් පියසටහන් තැබූ රට
බලා එහෙව් සිහළුනෙ නිදි දෑස හැර
දකිව් ඈත අද අද ලොව විනාශය..!



~මේ යුගයේ දරුණුතම ඛේදවාචකය වනුයේ...
නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව
හොද මිනිසුන්ගේ නිහඬතාවයයි~

15 comments:

  1. අහසින් වැටුන දිය බිදුවෙන්
    වැවු බැන්දේ එදයි හෙලේ
    තියෙන වැවක් හිදෙන තුරුම
    නඩත්තු නෑ අද හෙලේ..

    අන්තිමට දාලා තියෙන කතාවත් එක්ක මම එකගයි.. මිනිස්සු හඩක් නොනගන තුරාවට මේ දේවල් මෙහෙම වේවි..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත දිනේෂ්.. වැව් බැඳි රාජ්‍යයෙත් දැන් කෘතිම වැව් හදලනෙ ළමයිට පෙන්නන්නෙ..
      වෙලාවකට හිතෙනවා.. අපේ රට මෙච්චර වාසනාවන්ත වෙලත් හැමදෙයක්ම වැවෙන පොළවක් තිබිලත් අපි කොච්චර අවාසනාවන්තද කියලා.. අවුරුද්දෙන් වැඩි හරියක් හිම වැහෙන රටවල බෝග වවලා වෙනත් රටවලටත් යවන කොට..
      ස්තූතියි කවියෙන්ම ඒ අදහසට..!

      Delete
  2. "ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද සිහලුන්නේ".

    කාලෙට ඔබින කවි පංතියක්

    ReplyDelete
  3. වටින කියන කවි පෙළක් නෙව....අපූරුයි.. කාලෝචිතයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානි අක්කියෝ/නංගියෝ.. :)

      Delete
  4. කටට රන් කාසියක් දාන්න වටිනවා අක්කේ කියලා තියෙන දේවල් වලට

    ReplyDelete
    Replies
    1. හිහිහී.. බැරිද පෙට්‍රල් ඩීසල් ටිකක් වගේ සලකලා දෙන්න බලන්න මල්ලි... :D
      ස්තූතියි මල්ලියෝ.. :)

      Delete
    2. අපොයි පෙට්‍රිල් නම් කතා කරන්න එපා....හෙහ් හෙහ්

      Delete
  5. අනේ අපියි කියල ඉතිං මොනා කරන්නද!

    ReplyDelete
    Replies
    1. අපි,ඔයාලා.. මේ අපේ රටේ අනාගතය මල්ලියෝ.. අප අතරින්ම කෙනෙක් දවසක මේ ‍රටේ උසස් තනතුරු දරාවි.. අපි හැමෝම "අපි මොනවා කරන්නද ඉතින්" කියලා හිතුවොතින් සිද්ධවෙන්නෙ..
      ~මේ යුගයේ දරුණුතම ඛේදවාචකය වනුයේ...නපුරු මිනිසුන්ගේ නපුරු ක්‍රියා නොව හොද මිනිසුන්ගේ නිහඬතාවයයි~
      මෙන්න මේ දේ නෙමෙයිද.. :)

      Delete
  6. හදවතින්ම එකඟයි නන්ඳු අක්කේ! අපේ මිනිස්සු කවදා හැදෙයි දන්නෙ නැහැ! ඒකත් දන්නෙ උඩ ඉන්න තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් ම තමයි අක්කේ! :(

    ReplyDelete
    Replies
    1. හිහිහී... ඒකනම් ඇත්ත නංගියෝ.. :D
      ස්තූතියි නංගියෝ.. :)

      Delete
  7. මුළුමනින්ම එකඟයි. මිනිස්සු බයයි... අදෘශ්‍යමාන බලවේගයක් ඒ අය පස්සෙන්..ඒකයි..

    ReplyDelete

 
මාවතේ අපි © 2012