විකාර සිතුවම



පන්දා පටන් තේරුම් ගන්න 
උත්සහ කරන
ඒත්...
මෙලෝ කෙනෙකුට 
තේරුම්ගන්න බැරිවෙන්න
කවුදෝ මොනවද මන්දා 
හිතාගෙන ඇන්ද..
ජීවිත සිතුවමක...

වෙනස් හදවත් දෙකක්
විකාර සිතුවමක් මත
එකම සිතුවමක්
මියෙන තුරාවට
ගලපන්න උත්සහගන්න
ආදර සිතුවමෙන්...


නෙක පාට තෙලිතුඩින්
 සිත්තම් වෙලා තිබුණත්
දකින්නට වරම් නැති
මියෙන මොහොතෙ
අනුන් ගුණ දොස් 
පවරණ
අවසන් සිතුවමට..





17 comments:

  1. කාටවත් තේරුම් ගන්න බැරි
    ඒත් දෙහිතක් හොදින් හදුනන
    හොදින් තේරුම් ගත්ත
    ඒ ආදර සිතුවම..

    ReplyDelete
    Replies
    1. ආදර සිතුවමක
      ඇන්ද පින්තරු දෙහදක් එක්ව
      හොඳින් තේරුම් ගත්ත ඒ රුව
      ඇ‍ඳේවා තව දහස් සිත් තුල..!!!

      ලස්සන අරුතක්..
      ස්තූතියි දිනේෂ්..!!! :)

      Delete
  2. තේරුම් ගන්න බැරි දෙවලුත් මේ ලොකේ කොයි තරම්නම් තියෙනවද.... ඒවා නොතේරෙන තරමටම තමා හොද

    ReplyDelete
    Replies
    1. ඔව් ඉරණම්කාරී.. සමහර දේවල් තියෙනවා ජීවිතයේ අපි තේරුම්ගන්න උත්සහ කලත් අපිට කවදාවත්ම තේරුම් ගන්න බැරි.. :)

      Delete
  3. සමහර දේවල් තියෙනවා කොයිතරම් තේරුම් ගන්න හැදුවත් තේරුම්ගන්න බැරි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම නංගියෝ.. ඒත් අපි ජීවිතේ තේරුම් ගත්ත කොටසින් ජීවත් වෙන්න උත්සහ කරන්න ඕනි.. නැතිනම් අපි තේරුම් අරගත්ත කොටසත් හරියට විකාර සිතුවමක් වෙනකල් අපිට හොයාගන්න බැරිවෙනවා.. :)
      ස්තූතියි හිතූ නංගියෝ..!!!

      Delete
  4. ඇත්තටම ජීවිත සිතුවම තේරුම් ගන්න කොච්චර අමාරුද?ලස්සණයි නන්දු අක්කේ

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියෝ.. මේ ලෝකෙන් යනකල්ම අපි හැමෝම උත්සහ කරන්නෙ ඒ සිත්තම තේරුම් ගන්න.. :)
      ගොඩක් ස්තූතියි මල්ලියෝ..!!!

      Delete
  5. තේරුම් ගැනීම යනු කවදාවත් තේරුම් නොගැනීමයි.

    පොඩි යෝජනාවක් කරන්න කැමතියි.ඔයාල පොස්ට් එකක් දැම්මම ඒ පොස්ට් ඒක දැම්මේ කවුද කියල නම පොඩ්ඩක් දැම්මොත් හොඳයි නේද?මොකද ඔයාල 4 දෙනෙක් එක්කනේ කරන්නේ.හැබැයි දිනේෂ්ගේ ස්ටයිල් එකනම් තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේක මගේ අදහසක් විතරයි.

    ReplyDelete
  6. බොහොම ස්තුතියි අසරණයා අදහස් දැක්කුවට :) පෝස්ට් එකේ උඩින් වැටෙනවා කවුද මේ පෝස්ට් එක ලිව්වේ කියලා...ඒක මදි වගේ හැගෙනවා නම් අපි ඊලග එකේ ඉන්දන් පොස්ට් එක යටිනුත් දාන්නම්..ආයි මාවතට එන්න එහෙනම් ආයි පාරක් බොහොම ස්තුතියි...!

    ReplyDelete
  7. ජීවිතය යනු කට්ට සම්බෝලයකි! කැවොත් අපිටත් හොඳ විකාර රහක් දැනේවී! මේ විදිහට විස්චූර්න වූ අපේ ජීවිතය තේරුම් ගන්න කොච්චර අමාරුද නේද​? හරිම අපුරුයි නන්දු අක්කෙ! :ඩී!

    ReplyDelete
    Replies
    1. හිහිහී.. නංගියටත් හිතෙන දේවල්.. :D අනිවාර්යයෙන්ම නංගියෝ.. ඒකනෙ තවමත් සංසාරේ කියන්නෙ..
      ස්තූතියි නංගියෝ මේ අදහසට..!! :)

      Delete
  8. ආදරය ගැන නො කමෙන්ට්ස්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම.. ජීවිතය ගැන.. :)

      ස්තූතියි නංගියෝ..!!!

      Delete
  9. ජීවිතය අච්චාරැවකි ගල් බොරලු පිරි මාවතකි
    අපිට නම් ඒ මාවතේ පෑගෙන්නේම ගල් මුල්ය
    ඒත් මොනා කියා කරම්ද
    ඒ ගල් මුල් මල් කියා සිතා ඇවිදයනවා මිස

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සහෝ. :)

      Delete
  10. lasssanai machan..mama meka copy karala facebook dannada?kamak na neda?

    ReplyDelete

 
මාවතේ අපි © 2012