හ්ම් අද නම් ඉතින් බේබදු කතාවක් නෙමෙයි ඔන්න.අද කියන්න යන්නේ ලගදි දවසක වුන සිදුවීමක් නිසා හිතුන දෙයක් සහ මතක් වුන අතීත සිද්දියක් ගැන.හරි යමුකෝ අතීතෙට.ඉස්කෝලෙ දිග කලිසම ඇන්ද විතරයි.දන්නවනේ ඔය දිග කලිසම ඇගට දාගත්ත ගමන් එනවනේ මාර හැගීම් තොගයක්..වලි හැගීම් ලොකු හැගීම් පන්ඩ්ත හැගීම්,ආදර හැගීම්..මොකෝ ඉතින් මාත් පිටසක්වල ජීවියෙක්යැ.මටත් ඔය හැගීම් ටික ඔහොමම ආවා.හෙහ් හෙහ්..වලි හැගීම් ලොකු හැගීම් පන්ඩ්ත හැගීම් ඔය ඔක්කොම ආවා ඉස්කෝලෙ ඇතුලෙදි.නමුත් ආදර හැගීම පිටට එන්න ගත්තේ මගේ ගණන් පංතියේදි.එයා හරිම අහින්සක ලමයෙක්.හරි සිරියාවන්ත පෙනුමක් තිබුනේ.බිම බලාගෙන ඇවිදින්නේ කිසි විසයක් නැහැ.කොන්ඩෙත් කරල් දෙකට ගොතලා පොත් බෑග් එකකුත් අරගෙන අම්ම එක්ක තමයි එයා පන්තියට එන්නේ.
හිමින් සැරේ විස්තර හොයද්දී දැනගත්තා එයාගේ නම රොශාන්ති කියලා. කොල්ල ඉතින් මෙයා ගැන ෆුල් ටච් එකේ හිටියේ.ක්ලාස් ඇරුනම එහෙම එයයි අම්මයි යන බස් එකටම තමයි ඉතින් කොල්ලත් නගින්නේ.කතා කරන්න ඕන කම තිබ්බත් ඒක කරගන්න බැරි වුනා බයයි නේ අම්මත් ඉන්න නිසා.කොහොමින් කොහොම හරි එක දවසක් බස් එකට නැගලා චුට්ටක් දුර යද්දී මට සීටි එකක් හම්බුනා.වාඩි වුනාම මතක් වුනේ ඊට චුට්ටක් එහායින් රොශාන්ති ගේ අම්මයි එයයි ඉන්නවා කියලා.ඇන්ටිට සීට් එක දෙන්න හිතිලා මම ඇන්ටිට කතාකලා.ඇන්ටිත් ඇවිත් වාඩි වුනා.මගේ බෑග් එකත් ගත්තා.අරන් මාත් එක්ක ඇන්ටි කතා කලා.මගේ විස්තර ඇහුවා.ඒ ඇන්ටිත් හරිම හොදයි.ඒත් වැඩේ කියන්නේ රොශාන්ති නෙමෙයි වචනයක් කතා කලේ.
මේ සිද්දියෙන් පස්සේ ක්ලාස් තියෙන හැම දවසෙම ඇන්ටි මාත් එක්ක කතා කරනවා..රොශාන්තිත් ලාවට ලාවට වගේ හිනා වෙනවා.දින සති මාස ගණන් ගෙවිලා යද්දී රොශාන්තිත් මාත් එක්ක කතා කරන්න ගත්තා.මම පිටින් දැකලා හිතපු දේවල් ඔක්කොම ඇත්ත.හරිම ශෝක් ගැනු ලමයෙක්.විකාර සෝබන වැඩ නැහැ.කොහොම හරි අපි දෙන්නා හොදම යාලුවො වුනා.මගේ ආදර අදහසත් හිතේ තියෙනවා..ඒත් කොහොමද අප්පේ මේක එලියට දාන්නේ.අන්තිමට තියෙන යාලු කමත් නැති වුනොත්.
කොහොමහරි 10 වසරෙන් 11 වසරටත් ආවා. රොශාන්ති හොද මීටරයක් නිසා මටත් ඉගෙන ගන්න වැඩ වලට හරි ලේසි වුනා.ඔය කාලේ අපිට ෆෝන් තිබ්බේ නැහැ.ඒ නිසා ඉතින් ක්ලාස් දවසට හම්බෙන එක විතරයි.අන්තිමට ඉතින් ක්ලාස් එකේ අන්තිම දවසත් ආවා.ඇන්ටි මට ලොකූ අවවාද ගොඩක් දීලා පුතා කවදා හරි රටට වැඩක් තියෙන කෙනෙක් වෙන්න කිව්වා.ඇස් වල කදුලුත් පුරවගෙන ඇන්ටිටත් වැදලා මම රොශාන්ති එක්ක ගොඩක් වෙලා කතා කලා.කවදා හරි කොතනකදි හරි හම්බවෙයි කියලා අපි වෙන්වෙලා ගෙවල් වලට ආවා.කොහොම හරි හොද මිතුදමක් තිබ්බා මිසක් ඒක ආදරයකට පෙරලගන්න මට බැරි වුනා.
කාලේ ගෙවිලා ගියා ආයි එයාව ඇහටවත් දැක්කේ නැහැ.O/L එහෙම පාස් වෙලා ඊට පස්සේ A/L කරන කාලේ තමයි මට නිලූ (ඔව් ඔව් මගේ අරයා තමයි හෙහ් හෙහ්) හම්බුනේ.මෙහ් ලගදි නිලුයි මායි ටවුමට ගියා පොඩ්ඩක් ශොපින්ග් කරන්න.දෙන්නත් එක්ක පාරේ ඇවිදන් යන කොට මට පාරේ ඇවිදන් යනකොට ඈත දැකලා පුරුදු මුනක් එනවා.ලගට එනකොට තමයි මම අදුන ගත්තේ ඒ රොශාන්ති.අම්මෝ අවුරුදු 4 කටත් වඩා පස්සේ.එයා වෙනස් වෙලා නම් නැහැ තම කලින් වගේ ලස්සණට ඉන්නවා.කොහොම හරි එයත් මාව අදුනගත්තා.කට පුරා ලස්සණ හිනාවකින් සංග්‍රහ කරලා එයා අපි ලගට ආවා.ලගට ආවට පස්සේ තමයි අමුතු කේස් එකක් වුනේ.මාත් එක්කත් හිනා වෙලා මෙන්න නිලූගේ අත් දෙකත් අල්ලන් දෙන්නා බර කතාවක්.වැඩේ තේරුනේ පස්සේ මට.නිලුයි රොශාන්තියි ඉස්කෝලේ යාලුවො.මරු වැඩේ ඒකත්.රොශාන්ති කැම්පස් එකට ගිහින් එන ගමන් කිව්වා..පස්සේ අපි එයාවත් එක්ක ගෙන දවල් කෑමට කඩේකට ගියා.කන ගමන් මම නිලූට ඔක්කොම විස්තරේ කිව්වා.අපි ඔක්කොටමත් හිනා.රොශාන්තිත් ඒ වෙලාවෙ තමයි දැන ගන්න ඇත්තේ මගේ හිතේ ඒ කාලේ එයාට කැමැත්තක් තිබ්බා කියාලා.ඉස්සර ඉන්දන්ම දැනගන හිටියද කියන්න දන්නේ නැහැ ඉතින්.කොහොම හරි එයාව දැකපු එක ගැන මට ගොඩක් සතුටු හිතුනා.
අපි ගොඩක් පහුගිය දේවල් කතා කලා.එයාට හරි සතුටුයි මම නිලු එක්ක යාලු වුන එකට.එයා නම් තවම තනිකඩලු. :) .
කොහොමින් කොහොම හරි දවල්ටත් හොදට බඩ පිරෙන්න කාලා අපි එයාට සමුදීලා එන්න ලෑස්ති වුනා..එනකොට මට එයාගේ ඇස් වල අමුත්තක් තේරුනා.ඒවා කදුලු වලින් ටිකක් තෙත් වලා දිලිසෙනවා.ඒ ඇස් වල කියාගන්න බැරුව තිබ්බ දෙයක් නලියනවා වගෙයි මට පෙනුනේ.
ෆෝන් නම්බර් එකයි මුහුනු පොතේ නමයි එයා දුන්නා.දැන් ඉතින් අපේ යාලු කම හැමදාම තියෙයි. ජීවිතෙත් හරි පුදුමාකාරයි නේද?
ඇත්තමයි අයියේ! ජීවිතය කියන්නෙ පුදුමයක්. ඔය යුනෙස්කෝව දාල තියෙනවා නේද පුදුම හතක් කියලා.. ඒ අතුරින් මිනිස් ජීවිතය එකක් නොව්විම පිළිබඳව මාම් කනගාටුවට පත්වෙනවා. ඇත්තමයි අයියේ.. මිහිරි ලිපියක් මේකනම්! :ඩී
ReplyDeleteඔව් නේද අප්පා වෙලාවටක ඔය ඔක්කොටම වඩා මිනිස් ජීවිතේ පුදුමයක් තමා...මටත් මේක මිහිරි ලිපියක් නංගී බොහොම ස්තුතියි
DeletehmmmmM! sanweedi kathawak! parakku unoth parakku unama thamai bn! :) methanadi ee kella parakku wenna athi! :) ohoma thamai jivithee!
ReplyDeleteඔව බන් ඒත් හැමදේම වෙන්නෙත් හොදටයි කියලා මට මේකෙන්ම ඔප්පු වුනා....ස්තුතියි සහෝ මේ පැත්තට ආවට...
Deleteජීවිතේ හැටි ඔහොම තමයි මල්ලියෝ.. සමහර දේවල් වලට අපි පරක්කු වැඩියි හොඳට හෝ නරකට.. ඒත් ජීවිතේ ඉස්සරහට ගලන්න ඕනිනේ.. :)
ReplyDelete//මට ලොකූ අවවාද ගොඩක් දීලා පුතා කවදා හරි රටට වැඩක් තියෙන කෙනෙක් වෙන්න කිව්වා..//
මොනවා වුණත් ඒ නංගියාගෙ අම්මා කිව්ව විදිහටම මලයා වැඩ වගේ.. :D
සුබ පැතුම් ඕන්..!!! :)
මේ පරක්කු වීම නම් මම හිතන්නේ අක්කේ මගේ හොදට වුන දෙයක්...හෙහ් හෙහ් ඔව් ඔව් ඕනේ නැති වැඩ කරන ගමන් ඒවත් හිතලා කරනවා..බොහොම ස්තුතියි නන්දු අක්කේ
Deleteම්ම්... ජීවිතේ නම් හරි පුදුමයි තමා... කොහොම වුනත් හොද විදියට හැමදේම වෙලානෙ..:)
ReplyDeleteහ්ම් හ්ම් ඔව් හිතුවක්කාරි හැමදේම ගොඩක් හොදට වුනා සහ වෙනවා...බොහොම ස්තුතියි ඔයාට
Deleteජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක්....සමහර ඒව පෙනි පෙනී නැතිවෙනවා..හීනෙන්වත් නොහිතන වෙලාවට සමහර ඒවා ලැබෙනවා......
ReplyDeleteඒ කියපු කතාව නම් මසුරන් වටිනවා...බොහොම ස්තුතියි මාවතට ගොඩවුනාට
Deleteබොහොම සුන්දර හමුවීමක් නේද?කාලයේ වැලි තලාවෙන් වැසෙන සමහරක් මතක කාලය විසින්ම ආයෙම මතු කරනවා මේ හමුවත් අන්න ඒ වගේ
ReplyDeleteඔව් පුබුදුවා මේ වුන දේ ගෑන ලොකු සතුටකින් හිටියේ...
DeleteMACHAN MATA THIYENNE OITA WADA WENAS ADDAKEMAK
ReplyDeleteMAMA ADARAYA KARANA KELLA MAMA HAMADAMA DAKENAWA.
ATH MATA AYATA ADARE KEYANTA BAYAI.
MOKADA AYA MATA AKAMATHI WEIDA DANNETHE NISA.
KOHOMA UNATH UBE THAWA MARE MARU.