පොඩි බලිකුරුට්ටක්! :ඩී


ආදරය යනු කුමක්ද​?

බොහෝ අය හිතාගෙන ඉන්නෙ ආදරය කියන්නෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර තියෙන දෙයක් විදිහටයි. එ වුණාට ආදරය කියන වචනයේ ඊට වඩා පළල් ගැඹුරු අර්ථයක් තියෙනවා.
අපි හැමෝම මිනිස්සු. අම්මාගෙන් කුසෙන් ආපු, ඇයගෙන් දස මාසයක් ම පෝෂණය වී ආ දරුවො අපි. අන්න එතනින් තමයි ආදරේ අපට පලමුවෙන්ම ලැබෙන්නෙ. එය මවු සෙනෙහස මිස වෙන කුමක්ද​? අදටත් මට මුළු ජීවිතයටම වටින කෙනෙක් තමයි අම්මා කියන්නෙ. "ගෙදර බුදුන් අම්මා" කියලා බුදුරදුන් වදාල වදන හරිම අගනේය​.
ඊට පස්සෙ, මෙලොවට බිහිවුනාට පස්සෙ අපි හැමෝම ඊට පස්සෙ දකින්නෙ අපේ තාත්තායි. රස්සාවට ගිහිල්ලා, දහඩිය විකුණලා, අපට අවශ්‍ය දැ , රස බොජුන් හේම අරන් එනවා. පොඩිකාලෙ, අපි හවසට මිදුලට වෙලා, තාත්තා එන්නේ කීයටදෝ කියා කියා ඇගිලි ගනිමින් බලන් ඉන්නවා. 
අපේ දෙමාපියන්ට "පුබ්බේආචාරියා" කියල කියන්නෙත්, ඔවුන් අපගේ ප්‍රථම ගුරුභවතුන් නිසාය​. පිවිතුරු වු මව්පිය සෙනෙහස අප සැමදෙනාටම ආශිර්වාදයක් බවට නිසැකය​. 
අපි ඊට පස්සේ "සමාජය​" කියන වේදිකාවට කෙමෙන් කෙමෙන් ළගා වෙනවා. පෙර පාසලේ, ප්‍රාථමික ශ්‍රේණීවලදී, ශිෂ්‍යත්ව පංතියේදී, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංතිවලදීත් යහළු යෙහෙළියන් අපට හමුවෙනවා. එතැනදි අපට මිතුදම හමුවෙනවා! ගුරුවරුන්ගේ කරුණාවන්ත බවින් යුක්ත වූ සෙනෙහස හමුවෙනවා. 
ජිවිතේ යම් කෙටි දුරක් ගෙව්වා. ඊට පස්සේ කියනවා "අම්මේ අම්මේ.. මේ මට​.. කියන්න ලැජ්ජයි තාත්තාට​.." කියලා. එතකොට අපිට ඕන වෙනවා ලස්සන කෙල්ලෙක් නැත්තම් කඩවසම් කොල්ලෙක්. අන්න ඊට පස්සේ මට "ලව් සික්"! කොහොමටත් ඔය බක්මහ කාලෙන් පස්සේ තරුණ කට්ටිය එකට එක්වෙනවා වැඩියි. ඊට පස්සෙ ඉතින් ආදර හැඟීම් ඇවිස්සෙනව වැඩියි! දන්නේ නැද්ද ඉතින්.. විසේ. :ඩී
ඊට පස්සෙ දෙන්නෙක් එක්වුනාම​, ආදරය කරමින්, ජීවිතය ගෙනියනකොට​, සමහර වේලාවට බාධා ඇතිවෙන්න ඉඩ තියෙනවා. එහෙම අනන්තවත් ඇතිවෙලාත් තියෙනවා. 
මගේ අදහස නම් අපි ප්‍රේමය කරනවානම් කෙනෙකුට , එය අපගේ අවසන් සහ කුළුදුල් පෙම විය යුතුයි. අපි තව කෙනෙකුගෙන් වෙන්වී තව කෙනෙකුට පෙම් කරනවානම්, එය ටොපියකට හා සමානයි. හිතෙන්නෙ නැද්ද ඔබට හේම​?


හරි හරි.. ආදරේ ගැන කියනකොට හුඟාක් දුර ගියා නේද​? :)
කමක් නැහැ.. ආදරේ කියන්නෙත් පඩිපෙලක් වගේනේ?
අපි අපේ ජීවිතේටත් ආදරෙයි නේ?


11 comments:

  1. ශවී පොඩි වුනාට හොද අදහස් නම් තියනවා..ලොකු අපිට ඉස්සරහටත් හොද උපදෙස් ටිකක් දෙන්නකෝ

    ReplyDelete
    Replies
    1. හ්ම්! ලොකු පොඩ්ඩන්ට පොඩි ලොක්කන්ගෙන් බලිකුරුටු ලබාගන්න පුළුවන්. මොකද හිතන්නෙ පුබ්බා අයියේ? :ඩී

      Delete
  2. "ආදරය.."
    විවිධ මාතෘකා එක්ක සංකලනය වෙන මාතෘකාවක්..
    අපි අපේ ජීවිතයට ආදරේ නැතිනම් මේ හැමදෙයකම අවසානය අන්න එතන.. ස්වභාවදහමේ බැඳීම වුණත්... :)

    ආදරයේ වටින ලිපියක් පොඩ්ඩියේ..!!!

    ReplyDelete
    Replies
    1. නන්දු අක්කේ, ආදරය ගැන හිතල හුඟාක් දූර ගමන් කළා. ඉතින් එහෙම ගිය දූරෙ ප්‍රතිඵලයක් තමයි මේ. බොහොම ස්තුතියි අක්කණ්ඩිටත්. :ඩී

      Delete
  3. පුබුදුවා මේ පොඩ්ඩිව කොහෙන්ද බං හොයා ගත්තේ??

    ReplyDelete
    Replies
    1. හ්ම්හ්ම්හ්ම්! මූනුපොතෙන් තමයි නේද පුබුදු අයියේ? :ඩී

      Delete
    2. ඔව් ඔව් ඒකෙන් තමයිලුනේ හෙහ් හෙහ්

      Delete
  4. ආදරේ පඩිපෙලක් වගේ තමා..නියම ලිපිය.. කවුද මේ පොඩ්ඩි??

    ReplyDelete
    Replies
    1. හ්ම්! බලිකුරුටුවලත් අර්ථයක් තියෙනවා නේද​, හිතුවක්කාරි? ඔයාටත් බොහොම ස්තුතියි. :ඩී

      Delete
  5. hehe a great work :) i agree with you !!

    ReplyDelete
  6. ආහා. සුෆී නංගී ත් ඇවිල්ලා! හොඳයි හොඳයි! :ඩී

    ReplyDelete

 
මාවතේ අපි © 2012