මාවතේ අපි



සාදරයෙන් පිලිගන්නවා ඔයාලා ඔක්කොමලව අපේ මාවතට...!


අපේ මාවත හ්ම් කවුද මේ මාවතේ ඉන්නේ?මේ මාවත හැදිලා තියෙන්නේ හතර දෙනෙක්ගෙන්...පලවෙනි කෙනා තමයි වර්ණයට වර්ණ තවරන දිනේශ්,දෙවෙනි  කෙනා තමයි අපේ දිනේශ් අයියා ගේ හොද යාලුවා නන්නාදුනන්නියකගේ අකුරු ගෙත්තම ලියන නන්දු අක්කා...තුන්වෙනියා මගේ හොද යාලුවෙක් ෂාවින්දි(ශවී),අන්තිමට ඉන්න මම පුබුදුවා.


මාවත පටන් ගන්න මුල වුනේ දිනේශ් අයියා තමයි..මම ඉතින් කලින් සිත් මල් යාය ලිව්වා..අවුරුද්දකට වඩා කාලයක් එක දිගට ලිව්වා ඒත් ඉතින් වැඩ කරන්න ගත්තට පස්සේ මහන්සියයි කම්මැලිකමයි නිසා ඒක මග ඇරුනා..මම නම් මහ කම්මැලියෙක් හෙහෙ


පස්සේ ඉතින් අයියාගේ බ්ලොග් එකට සපෝර්ට් එක දෙනකොට මටත් එක දවසක් ජොලියට ලියන්න හිතුනා..ඉතින් අදහස ක්‍රියාත්මක කරලා අයියගේ බ්ලොග් එකට පෝස්ට් එකක් ලිව්වා.ලිව්වට පස්සේ කට්ටිය අහලා තිබ්බා මල්ලි ඇයි ආයි ලියන්නේ නැත්තේ කියලා.අයියා ඊට  පස්සේ කිව්වා අපි එකතු වෙලා බ්ලොග් එකක් ලියමු කියලා..මාත් ඉතින් එක පයින්ම කැමති වෙලා වැඩේට බැස්සා.


ඔන්න ඔහොමයි අපේ මාවතට අඩිතාලම වැටුනේ..එහෙනම් ඔයාලා ඔක්කොටම මාවතට ගොඩ වදින්න කියලා මම.එහෙනම් ඔයාලා ඔක්කොටම ජයවේවා..!

29 comments:

  1. දන්න කියන කට්ටියක් නේ..

    ReplyDelete
  2. එතකොට මමද පලවෙනි කමෙන්ට් ඒක දැම්මේ.. මහා පාර වගේ නොනැවතී ලියන්න ඕනේ.හරිද

    ජයවේවා කට්ටියටම...!!

    ReplyDelete
  3. ඔව් ඔව් ඔයා තමයි අපේ පලවෙනි කමෙන්ටුව...බොහොම ස්තුතියි මාවතට ගොඩ වුනාට...නොනැවතීම ලියන්න තමයි අපි හතර දෙනාගේ අදහස..එහෙනම් ඔයාටත් ජයවේවා..ආයිමත් මාවතට එන්න.

    ReplyDelete
  4. එල එල මචෙ‍ා් හැබැයි උඹ මාව අමතක කළා හරි :(

    ReplyDelete
  5. ආ... මාත් ආවා මෙහාට පොඩ්ඩක් හිතුවක්කාරකමක් කරලා යන්න..:D නන්දු අක්කියි, දිනේෂ් අයියායි මගේ හොඳම යාළුවොනෙ..මාත් ඔන්න එහෙනම් අද ඉඳන් මෙහාට එනවා..

    ජය වේවා!!! දිගටම ලියන්න මාවතේ අපිට ජය වේවා!!

    ප.ලි- ඔය අසරණයා අයියාගෙ මුල්ම කමෙන්ට් එක නිසා මේක ලොකු ගමනක් යාවී...;) :p

    ReplyDelete
  6. ඔන්න මමත් ගොඩවැදුනා මේ පැත්තට

    ReplyDelete
  7. @අසරණයා : හාහා! අසරණයා ට බොහෝම ස්තුතියි අපේ මාවතට පළමුවෙන්ම කොමෙන්ටුව ඉදිරිපත් කළාට​!

    ReplyDelete
  8. @umeshmoramudali: අයියෝ! උමේෂ් අයියේ, මොකටද අපි කස්ටිය ඔයාව අමතක කොරොලා දාන්නෙ? ආයුබෝවන් කිව්වා අපේ මාවතට ඕන්! :)

    ReplyDelete
  9. @හිතුවක්කාරි : ආව් ආව්! හිතුවක්කාර අක්කේ! අක්කාත් ඉතින් අපට සුභ ලකුණක් තමයි! :ඩී ආයුබෝවන් අපේ මාවතට​! :)

    ReplyDelete
  10. @කාව්‍යා : ආයුබොවන් මේ පැත්තට අක්කෙ!

    ReplyDelete
  11. @LBP : අහා! තමුන්නාන්සේව දැක්කෙ කාලෙකින්! ආයුබෝවේවා! :)

    ReplyDelete
  12. අහ් නියමයි! දිගටම කරගෙන යන්න.. :D

    ReplyDelete
  13. ඔව් සහෝ දිගටම සහයෝගෙන් වැඩේ කරගන යන්න තමයි ඉන්නේ..ස්තුතියි මාවතට ගොඩවුනාට

    ReplyDelete
  14. හිතුවක්කාර කෙල්ල කිවුවා වගේ මම මුලින් කමෙන්ට් කරපු ඒක ගැන ඇත්තටම සතුටුයි.නැවත වාරයක් සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. නැවත පාරක් ස්තුතියි සහෝ

      Delete
  15. ඔන්න මාත් එනවෝ ...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න දිගටම එන්න හොදේ.. :)

      Delete
  16. දන කියන අයගේ දන්නා කියන වැඩක් :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හොද හොද වැඩ ඉස්සරහ බලමුකෝ

      Delete
  17. ඔන්න අපිත් ආව.

    ReplyDelete
    Replies
    1. නියමයි කස්සා දිගටම එන්න...

      Delete
  18. මමත් ආවෝ! දිගටම ලියන්න, සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු...ලියනවා ලියනවා දිගටම ලියනවා

      Delete
  19. අද තමා ඉස්සෙල්ලාම මේ පැත්තට ගොඩ උනේ...:)
    මාවත පට්ටය..දන්න අදුනන අයත් ඉන්නවා වගෙයි :D

    ReplyDelete

 
මාවතේ අපි © 2012