නුඹ

ඔබේ ඔය සිනහව
ඔබේ ඔය කතාව 
ඔබේ ඔය ඇස්
මට මා අමතක කරනුයේ
සිහින ලොවක් මා වෙත කැන්දමිනි..

ඔබේ ඔය වරලස 
ඔබේ ඔය මුහුණ
මා සිහින ලොවකට ගෙනවිත් 
මට මාවම අමතක කරවයි..

ඔබේ සිනහවේ දීප්තිය
ඔබේ දෙනෙතේ කාන්තිය 
මටම පමනක් හිමි උනේ
දෙවියන්ගේ කැමැත්ත නිසාද?





මේ කවිය මම ලියලා තියෙන්නේ 2003 ජනවාරි 6 වෙනිදා.. අවුරුදු 9ක් පරණයි.. ඒ කියන්නේ මම O/L ලියන කාලේ.. මේකට හේතු උන කරණානම් මට මතක නෑ.. අහම්බෙන් හමු උන නිසා මේකට දාන්න හිතුනා..

12 comments:

  1. ඒ කවි වලයි දැන් කවි වලයි කොච්චර වෙනසක් තියේද....?

    ReplyDelete
    Replies
    1. ඇයි දැන් ඒවා අප්සට් වගේද??

      Delete
    2. ඔය කිව්වේ....! දැන් ඒවා කලින් ඒවට වැඩිය ගොඩක් ලස්සනයි කියලා කිව්වේ....

      Delete
    3. ඒ කියන්නේ කලින් ඒවා අප්සට් කියන එකනේ..

      Delete
    4. එහෙම නෙමෙයි අලේ. කලින් ඒවා අවුලක් නෑ. ඒත් දැන් ඒවට කිට්ටු කරන්නවත් බෑ.

      Delete
  2. සරලයි හැබැයි අමුතු ලස්සනක් තියේ.. :)

    ReplyDelete
  3. ‍යකඩෝ මේකා ඕ ලෙවල් කාලෙ හිතලා තියන දේවල්....

    ප.ලි: ඔය කිව්වට මාත් හිතුවා

    ReplyDelete
  4. හිහි! ඉතින් අප ගැන කවර කතාද​? ;) අගෙයි අගෙයි!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිටත් කතා කරන්න කාලයක් ඒවි ඉස්සරහට

      Delete

 
මාවතේ අපි © 2012